39🗡

324 99 13
                                    

" කාල මකරූ......... මේවරත් මගේ දැතින් මියයාවි , මින් පෙර සිදුවුනා වගේම. "
අසුර රජු පොලොවේ පය හපමින් කියයි.

" ඔහුගේ මානික්‍ය කොහේ ඇත්ද , එය තුබුනනම් මං බලවත් වනවා. එය ගැන සොයා බලන්න පිරිසක් යවනු  "

*********************

" ඒක කොහෙද තියෙන්නේ "
ජන්කුක් තම පපුව මත අත තබාගෙන හොසෙක් දෙස හැරිනි.

" එය ආරක්ශිතව තිබෙනවා "
හොසෙක් සිනාවෙයි.

" කොහිද "
දේවාල භූමියට නුදුරු වනාන්තරේ එක දිරාගිය ස්ථානයක , ජන්කුක් හා ජිමින් එය සොයාගෙන යන්න  "
හොසෙක් ජිමින් දෙස ඇගිල්ල දිගු කර කියන විට ඔහු හිස සෙලවිය.

" මාත් යන්නම් එයාලගේ ආරක්ශාවට "
ටේ තම කඩුව තර කොට අල්ලාගත්තේය.

" නෑ නෑ ඔබ යුන්ගි සමග යන්න කදුකරය උඩ කොටසට එහෙදි යුන්ගිගේ මකරා අවධිවෙයි , ඔහුට උදව් කරන්න "
යුන්ගි දෑස් විසල් කොට හෝසෙක් දෙස බැලිය. ඔහුට තවම මේ දෙවල් විකාර රූපි මෙන්‍ ය.

" එතකොට........... "
ටේ නම්ජුන්ට කිසිදු බලයක් නොමැතිද කියා අසන පරිද්දෙන් ඔහු දෙස බලයි.

" ලෝන්ග්ටා වල ආරක්ශකයා , එයා දැනටමත් සම්පූර්ණයි "
හොසෙක් නම්ජුන්ගේ ගෙලෙහි වූ ඇදුමට උඩින් පපුව මතට දැමිය. රතු පැහැයෙන් දිලිසෙන තරමක් විශාල මානික්‍යක් එහි රැදී ඇත.

ජින්ගේ අර්ධ සත්ත්ව ආත්මය හමුවුනු දිනයෙමයි මෙය නම්ජුන්ට හමුවූයේ. එයින් නම්ජුන්ගේ බලය දෙගුන විය.

************************

ජිමින් හා ජන්කුක් , ටේ හා යුන්ගි කුඩා උමගක් මාර්ගයෙන් ඉවතට පැමිනියේය.

ඔවුන්ට යාමට තිබෙන්නේ විරුද්ධ දිශාවන්ටය.  එකිනෙකාට සුබ පැතුම් එක්කල ඔවුන් දෙපසට යන්න විය.

ඔවුන් තම මුව වැසෙන පරිදි සැරසී සිටි. කොයි මොහොතක හෝ සෙබලුන් මුණගැසෙවී කියා ඔවුන් විශ්වාස කලේය.

නිවසේ සිට දෙවොල ලගට යනවාට වඩා වැඩි දුරක් ඔවුන්ට යාමට වෙයි.

" ජන්කුක් අපිට මේක පුලුවන්ද "

" අනිවාර්යයෙන්ම "
ජන්කුක් ජිමින්ගේ අත තද කලේය

 Power Towers ||Completed||Where stories live. Discover now