40🗡

313 90 6
                                    

යුන්ගි ටේහියෝන් හා කන්ද නැගිමට පටන් ගත්තේය. ඔවුන් තරමක් වේගයෙන් කන්ද තරණය කරයි.

" මිනිසුන් අතර කටකතාවක් තිබෙනවා මේ කන්දේ ව්‍යාඝ්‍රයෙක් ජිවත්වෙනවා කියලා "
ටේහියෝන් යුන්ගි දෙස බැලිය.

" මාත් අහලා තියනවා. ටේ ඔයාට සීතලද "
ඉහලට යන්න යන්න උනුසුම කෙමෙන් අඩුවී සීතල ගත වෙලාගනිමින් තිබෙයි. ටේ මදක් අපහසුවෙන් වටපිට බලයි.

" නෑ එහෙම නෑ "
ටේට දැඩි සීතල පිඩාකාරි වුවද මේ යුන්ගි වෙනුවෙන් යන ගමනක් වන බැවින් ටේ සියල්ල දරාගත්තේය.

යුන්ගිට සීතලෙන් කිසිදු පිඩාවක් නොදැනේ. ඔහු තම සිරුරේ රෝමකූප විද ඇතුලට දිවයන සීතල ආදරයෙන් වැලදගත්තේය.

" අපි තව යන්න ඕනද , මට තෙරෙන්නෑ මෙකේ තෙරුම. අපි මොනාද කරන්න ඕන "
ටේ වෙව්ලමින් අසයි.

ටේ තම දෑත් එක්කොට කටින් හුස්ම පිබිමින් ඒවා උනුසුම් කිරිමට තැත් කරයි. යුන්ගි මදක් නැවති ටේදෙස බැලිය.

" ටේ අපි ආයේ යමු . ඔයාට  අමාරුයි "
යුන්ගි ටේගේ සීතලට සුදුමැලි වූ තොල් සිපගනිමින් එවා උනුසුම් කලේය.

" නෑ අපි යන්න ඕන "
ටේ යුන්ගිව මගහැර ඉදිරියට යයි.

" ඕන නෑ ටේ , මං තනියම යන්නම් ඔයා ආයේ ගෙදර යන්න , ඔයාට උනුසුම ඕන "
යුන්ගි තරමක් ගැබුරට ඇති හිම මත පා ඔබමින් ඉදිරියට ඇදෙයි.

" යමූ "
ටේ සෙමෙන් මුමුනයි,

සතෙකුගේ ලොම් පිරුනු සමකට මෙන්  මිනිස් සමට මේ සීතල දරාගත නොහැකි.

" ටේ මේ ගමන මහ විකාරයක් , අපි යමු " 

" ඔයා කොහොමද මෙහෙම ඉන්නේ යුන්ගි , මට අමාරුයි "
ටේ යුන්ගිගේ පපුවට තුරුල් විය. ටේ සීතලට දරදඩු වී ඇත.

" දෙයියනේ  ඔයාව සීතල වෙලා "
යුන්ගි ටේගේ කම්මුල තම කම්මුලක් මත තැබිය.

******************************

" ජන්කුක් අර බලන්න "

එය විශාල නිවේදනයකි.

"  අපිව වැරදිකාරයෝ කරලා , අල්ලලා දෙන කෙනෙකුට බදු වලින් නිදහස් කරනවලු "
ජිමින් නිවේදනය කියවා ජන්කුක් දෙස බැලිය.

" අපි ඉක්මන් කරමු "
ජන්කුක් තම මුහුන හොදින් ආවරණය කරමින් ජිමින්ගේ අතින් අල්ලාගත්තේය.

ජන්කුක් හා ජිමින් කෙමෙන් ඉදිරියට ඇදෙයි. එක්වර කොහෙන්දෝ ආ මිනිසෙක් ඔවුන් ඉදිරියෙන් සිටගත්තේය .

" ඇයි මුහුන වසන් කරන්නේ , මුහුන පෙනවනවා "
ඔහු කෑගසයි .

" අපි චර්ම රෝගින් , මුහුනු විරූපි "
ජිමින් සෙමෙන් කියයි.

" නිවේදනය දුටුවනේ , අපිට පරික්ශා කල යුතුයි "
අයෙක් ජිමින්ගේ මුහුනු ආවරණය ඇද ඉවත් කලේය.

" මේ ඔහු තමා , අනෙකවත් බලනු "
මිනිසුන් ජිමින්ව හා ජන්කුක්ව වටකරගත්තේය. ජන්කුක් තම මුහුනු ආවරණය ගලවා දැමිය.

" මොවුන් තමා , මොවුන් තමා "
මිනිසුන් කෑගසයි.

ජන්කුක් ජිමින්ගේ අතින් අල්ලාගත්තේය. මිනිසුන් පෙරලමින් දුවන්න විය.

" අල්ලගන්න ඕකුන්ව "
මිනිසුන් පිටිපසින් පන්නයි.

" ආහ් ....... "
අයෙක් ගැසූ පහරක් ජන්කුක්ට වැදින.

" ජන්....... "

" දුවමු "
ජන්කුක් ජිමින් සමග දිගටම දුවයි.

මිනිසුන් තවමත් ඔවුන් පන්නයි.

වරෙක ජිමින්ටත් වරෙක ජන්කුක්ටත් ගල් ප්‍රහාරවල් වැදෙයි.

එකවරක් ජන්කුක්ගේ පාදයකට වැදුනු පහරින් ඔහු ඇද වැටින.

" ජන්කුක් "





























අද දුන්න දෙවනි අප්ඩෙට් එක 😌

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now