16🗡️

463 125 8
                                    

සාකච්ඡාවෙන් දින තුනකට පමන පසු අසුරටන්ගේ නොහික්මුනු ක්‍රියාවන් එලිවන්න විය.

අහිංසක සමාන්‍ය ජනයාද , බලකුලුනු ජනයාද මරා දමමින් තම කෲරත්වය ඔවුන් ප්‍රදර්ශනය කරන්න විය.

අසුරයන් යනු ක්‍රෝධයෙන් , කෲරත්වය හා බලලෝබයෙන් ජිවත් වී මියගොස් නැවත ඉපදෙන්නට ප්‍රතික්ෂේප වූ කොට්ඨාසටකි. ඔවුන් ජිවිතයත් මරනයත් අතර දෝලනය වෙමින් අසහනයෙන් පෙලෙයි.

බලකුලුනුවල සිටින සියලු රණශූරයන් මේවනවිට දිවාරෑ වෙහෙසි තම දක්ශතා තියුනු කරගනිමින් සිටියි.

ඒ අතර වාරයේ සාමාන්‍ය බලකුලුනු වැසියන් හා මිනිසුන්ටද තම ආරක්ශාව සලසාගැනිමට පුහුනුවක් දෙයි.

සමාන්‍ය ජනයාගේ රජුද තම උපරිමයෙන් බල කුලුනුවකට උදව් කිරීමට බැදී සිටියි.

මිනිස්කුලුනේ රජු මිනිසුන් අතර සිටියි දක්ශම හා ශක්තිමත්ම රණශූරයන් බලකුලුනු වෙත පිටත් කල හැරියේය.

යුදයට අවශ්‍ය ආයුධ , ආහාරපාන , ඖෂධ හා ආවතේවකරුවන් වෛද්‍යවරුන් වැනි දේ මිනිස්කුලුනේ රජුගෙන් ලැබිනි. 

මොනයම් මොහොතක අසුරයන් ප්‍රබල  පහර දීමක් සිදු වන වග බලකුලුනු අධිපතියන් දැන සිටියි.








මේ අතර හෝසෙක් සිටියේ මකර කුලුනත්  , මායාකුලුනත් වෙන්වන මායිම්ගංගාව අසබඩ වූ ඔහුගේ වාසබවනෙයි.

ඔහු සිටින්නේ පොලොවට මදක් උඩින් ගුවන මත ධ්‍යාන ඉරියව්වෙන් දෑස් පියාගෙන අනාගතට පිරික්සමින්‍ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු සිටින්නේ පොලොවට මදක් උඩින් ගුවන මත ධ්‍යාන ඉරියව්වෙන් දෑස් පියාගෙන අනාගතට පිරික්සමින්‍ ය.






හොසෙක් දකී වතුර රහිත මුඩු බිමක්. එහි සෑමතැනම අදුරු වලා පටලයකින් වැසී ඇත. මුලු ප්‍රදේශය වසාගෙන සෙවන දුන් විශාල රුක්ශයන් දෙකක් එක්වර වෙලී මැලවී දුවිලි වී කටුක වැලිහුලග හා පාවී ඇතට යයි.

හොසෙක් එතැන දනගසා වාඩිවී බලාසිටියි. අග්ගිස්සෙන් පුංචි ලාකොල පැහැ දළු දෙකක් සෙමෙන් වැඩෙමින් තිබේ. හමායන වැලි මිශ්‍ර සුලග නිසා ඒ කුඩා දලු වැසි යයි................................




Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now