43 🗡

321 96 15
                                    

පිරිස ලොන්ග්ටාව අත්හැර මොෆාටාවට පැමිනියේ හොරරහසේය.

නම්ජුන්ගේ අදහස වුයේ පලමු වර අසුරයන් යෙදු උපක්‍රමය මෙවර අප විසින් සිදුකිරීමයි.

කාලමකරුන්ගේ හා මායාකරුගේ නැවත උපත්තියෙන් උද්දාමයට පත් තරුණයන් පිරිසක් එක් කරගත් හොසෙක් ඔවුන් ලවා ආයුධ සම්පාදනය කරන්න විය.

ඔවුන් පුරා මසක් මොෆාටාවට වී නිහඩ පිලිවෙතක් අනුගමනය කරන්න විය.

මේ අතරවාරයේ රජු අසුරයන් හා එක්ව මිනිසුන්ට තවතවත් පීඩා කරන්නට විය.

*****************

" කරුණාකරලා මට සමාවෙන්න , මම් බදු මුදල් ගෙවා දමන්නම් "
අසරණ මිනිසෙක් බිම වැටි අයැදි.

" තව කල් නෑ උබට "
සෙබලා මිනිසාගේ ගෙලින් අල්ලා නැගිටවා අත්පා වලංගු දැමුවේ රැගෙන යාමට සිතාය.

" මට අනුකම්පා කරන්න , මට දරුවන් සිටිනවා. මංනැතිව උන් තනි වෙනවා. "
මිනිසා අයැදින්න අයැදින්න සෙබලුන් ඔහුව බිම ඇදගෙන යයි.

එක්වර එතැනට ආ තැනැත්තෙකු සෙබලුන් හා සටන් වදින්න විය. ලැබූ අවසරයෙන් අසරණ මිනිසා දිව යන විට සෙබලුන් ආගන්තුකයාගෙ ප්‍රාහරවලට ගොදුරුවන්නට විය.

සෙබලුන්ට පහර දෙනු දුටු තවත් සෙබලුන් එතැන්ට පිරෙන විට ආගන්තුකයා තරමක් පසුබට වෙනවිට පහර කෑ සෙබලුන්ද ආගන්තුකාට වට කොට පහර දෙන්න විය.

පහර දීමෙන් අඩපණ වූ විට ඔහුව රැගෙන මාලිගයට යන්න වූයේ ඔහුව රජුට ඉදිරිපත් කිරිමටයි.

******************

" මේ මෝඩ අදහස් නිසා ජන්කුක්ට කරදරයක් වෙන්න පුලුවන් "
ජිමින් කලබලෙන් එහෙ මෙහෙ සක්මන් කරයි.

" ජන්කුක්ටයි ඕන වුනේ රජු ඉදිරියට යන්න "
ටේහියෝන් කියයි.

" ඒත් අපි කොහොමත් අද ප්‍රහාරයකට සුදානමින්නේ ඉන්නේ "
ජිමින් අසලවූ කඩුවක් අතට ගනිමින් කියයි. කඩුව පසෙක තැබූ ජිමින් නිරායුධව යුධයට යාමට සිතුවේය.
ඔහුට අමුතුවෙන් රැගෙන යාමට ආයුධ අවශ්‍ය නොවේ. ඔහුගේ මාය හෙල්ල ඔහුට අවශ්‍ය සෑමවිටම අරක්ශාවට සිටියා.

" ජන්කුක් නිවැරදි , රජු බියගුල්ලෙක් , අපි යුධ වදින විට නිසෙකවම අහු පලායයි. ඊටපෙර ජන්කුක්ට හැකි ඔහුව අල්ලා මරා දමන්න "
නම්ජුන් කියන විට පිරිස හිස වනා සහතිකක්විය.

" කවුද කිව්වේ ජන්කුක් ගියේ රජු මරන්න කියලා "
හොසෙක් ඔහුගේ සුපුරුදු කපටි සිනහව පලකරයි. සැමවිට ඔහු කුමක් හෝ දෙයක ඉදිරිය සිතමින් සිටින අතර සෙස්සෝ කිසිවක් නොතෙරෙන විට ඔහේ බලා සිටියි.

බුද්ධිමත් නම්ජුන්ට පවා විටෙක හොසෙක්ගේ දැක්ම විටෙක ප්‍රශ්නාර්ථයක් විය.

******************

ජන්කුක්ව ගෙන ගොස් සිරකුටියක ඇද දමන විට ඔහු පරඩැලක් මෙන් වැටින.

සෙබලුන් ගියා යැයි සහතික වූ පසු දෑස් විවර කෙරූ ජන්කුක් අගුල කඩා දමා අදුර අතරින් ඉදිරියට ඇදෙන්න විය.

තම පා හඩ නොනැගෙන සේ සෙමෙන් ඉදිරියට ඇදෙන අතරේ ජන්කුක් සෙමෙන් දෙපස බලයි.

තමන් යන කොරිඩොව දෙපසට බෙදෙන තෙක් සෙමෙන් ඇවිද ආ ජන්කුක් වම් පසට හැරෙනවාත් සමගම පා ගැටෙන හඩක් ඇසින.

නිසැකවම ඒ සෙබලුන් විය යුතුය. ඔවුන් සිර කුටි පරික්ශා කරනවා විය යුතුය.

දෙවියන්ට ස්තූතියිවන්ත වෙන්න අවට දැඩි ඝනදුරක් පැතිර තිබේ ජන්කුක් නිහඩව බලා සිටියි.

" ආහ් , තව ටිකක් නිදාගන්න තිබ්බනම් "

" එත් , දැන් මුර තියෙන්නෙ අපිටනේ "

අන්ධකාරය අතරින් ඇසෙයි.

ඔවුන්ගේ පා නගන හඩ වැඩි වන අයුරින් ඔවුන් වමේ සිට දකුනු දෙසට ගමන් කරන බව ජන්කුක්ට වැටහින.

එමෙන්ම ඔවුන් කතා කර දේ අනුව ඔවුන් සෙබලුන් විවේකගන්නා ස්ථානයේ සිට මුර පොලට යන්නන්‍ ය.

ඉදින් ජන්කුක්ට මාර්ගය පහැදිලිය.

" මං යන්න ඕන මේ දිසාවට "






















Kishu :-)

 Power Towers ||Completed||Wo Geschichten leben. Entdecke jetzt