42🗡

343 91 10
                                    

( හෝ..........හෝ........කියන්න බැරිවුනා. මේ අර ජන්කුක් මකරෙක් වුනු වෙලාවේ දෙදරීමක් සමග කුනාටුවක් ඇතිවුනා. කියලා තියනවා නේද. ඒ කුනාටුවටම තමා හොදේ ටේවයි යුන්ගිවයි අහුවුනේ..
අර නිකන් ශක්තිමත් බව පෙන්නන්න දැම්මේ ඉතින් හොදේ 😌😁)

ජනතාව පුදුමයෙන් බලා සිටියි. ඔවුන් සතුටින් ඔල්වරසන් දෙයි අවසානයේදී පුරාවෘත්තයේ කියවෙන කළුමකරුන් ජීවමානය. 

" ජන්කුක් කෙහෙටද යන්නේ "
ජිමින් අහස දෙස විපරම් කරයි.

කළු මකරුන් වේගයෙන් දිවයන්නේ රජුගේ නගරය වෙතටය. ඔහුට අවැසි රජුගේ ගෙල සිදලීමටය.

" ජිමින් , ජන්කුක් කොහෙද "
ටේහියෝන් ජිමින් අසලට පැමින අසයි.

" මං දන්නෑ හියුන්ග් "
ජිමින් අහස දෙස බැලිය.

" කොහෙද එයා යන්නේ "
යුන්ගි ජිමින්ගෙන් අසන විට ඔහු හිස සැලිය.

" කලබල වෙලා සියල්ල විනාස කරන්න කලින් ඔහුව නවත්වන්න "
පිටුපසින් පැමිනි හොසෙක් කියයි.

යුන්ගි අහසට පැන නැගුනු සැනින් ස්වේත වර්ණ මකරෙකු විය. ඔහු වේගයෙන් ජන්කුක් හබායයි.

ස්වේත වර්ණ හා කාල වර්ණ මකරුන් දෙදෙනෙකු අහසේ සිට සටන් කරන අයුරු සියල්ලන්ටම දර්ශනය වෙයි.

ඔවුන් විටෙක භූමියට ලංවද , තවත් විටෙක වළාකුළු අතරද ගැටෙයි.

***********************

කාලමකරු අහසට නැගුනු මොහොතේ ඇතුවූ භූමියේ සෙලවිම හා කුනාටුව අසුර රජුටත් හොදින් දැනින.

එක්වර ඇසුනු සිංහ ඝර්ජනාව ඔහුගේ දෙපා අප්ප්‍රාණ කිරිමට සමත්විය.

රජු මෙන්ම අසුර රජු ද මරණ බයෙන් තැති ගෙන සිටියි. මාලිගය තුල එකම කාලගෝට්ටියකි.

ඔක් විශත් , සුපිරිසිදු වානෙත් සොයමින් සේවකයන් සෑම තැනම දිවයයි.

දේහධාරි සෙබලුන් මාලිගයත් , මාලිගයෙන් පිටතත් , නගර දොරටු අසලත් රැදි සිටියි.

ලහි ලහියේ සේනා රැස් කරයි.

" බලය ලැබුනු සැනින් කලබල වෙන්නේ ඇයි "
හොසෙක් තම අතෙහි වූ සැරයටියෙන් වේගයෙන් පොලොවට ගසමින් ජන්කුක්ට ඔරවයි.

 Power Towers ||Completed||Where stories live. Discover now