44🗡

298 83 23
                                    

ජන්කුක් වම් දිශාවට ගමන් ඇරඹිනි. සුළුමොහොතකින් ඔහුගේ ගමන නතර වූයේ දොරටුවක්නිසාය.

ඔහු දොර විවර කර ඇතුලට පිවිසිනි. එය තරමක් ආලොකයෙන් යුතු කුටියකි.

පිවිසුනු වහා ඔහුවෙත කඩු හා හෙලි ගණන් කර නොහැකි තරම් මුහුනට එල්ලවිය.

" කවුද තමුන් "
එක් අයෙක් ඉදිටියට විත් ජන්කුක්ගේ ගෙලෙන් අල්ලාගත්තේය.

ඒත් සමග ඔහු තරමක් පුදුමවූ දෙනෙතින් ජන්කුක් දෙස බලා සිටියා.

" ජන්කුක් , ජියෝන් ජන්කුක් "
ජන්කුක් නමකියා අවසන් වනවාත් සමගම ඔහු ජන්කුක්ගේ ගෙල අත් හැර බලාසිටියි.

වටින් පිටින් කසුකුසුවක් සෙමෙන් ඇසෙයි. ජන්කුක්ගේ ගෙල තද කර සිටි පුද්ගලයා තවමත් පුදුමයෙන් බලා සිටි.

ජන්කුක් මදක් හිස ඇලකිරිමෙන් , සිහිය එලවාගත් ඔහු ජන්කුක්ගේ පා අසල දණ ගසා ගත්තා.

අවට සිටින සියලු දෙනා තම සෙන්පතියන්ට සිදුවුයේ කුමක්ද කියා සිතාගැනිමට නොහැකිව බලා සිටියි.

" ජියෝන් රජුගේ , උරුමක්කාරයා "
සෙන්පති ජන්කුක් දෙස බලා සිටින විට සමහරෙක් ජන්කුක්ට ආචාර කරයි , තවකෙක් පුදුමයෙන් බලාසිටි ,

" කොහොමද විශ්වාස කරන්නේ , හොරෙක් හෝ වංචාකාරයෙක් වෙන්නත් පුලුවන් , " තවකෙකු තර්ක කරනවිට තවත් කිහිපදෙනෙකු එයට එකගවිය.

" නෑ මේ ඔහුම තමයි "
සෙන්පතියන් තම සෙබලුන්ට රවමින් ස්ථිර හඩින් කියයි.

ජනතාහිත්‍යිෂී රාජ්‍ය නායකයෙක් වුනු ජියෝන්ව ලගින්ම ඇසුරු කල සෙන්පතියන්ට ජන්කුක් දුටු මොහොතේ සිට රජුව මතකයට නැගිම නවතා ගත නොහැකි වුනා.

" නෑ මේ ඔහුමයි "
සෙන්පති සෙබලුන් දෙස බලා අවධාරණය කරනවිට සෙබලුන් එක්වර බියෙන් මෙන් සෙන්පතියන්ට පිටුපසින් සිටි ජන්කුක් දෙස බලාසිටියි.

සෙන්පතිද පිටුපස බලනවිට බියෙන් ගල්ගැසිනි.

විශාල කාලවර්ණ පියාපත් යුගලක් සමග ජන්කුක්ගේ ගාම්භිර පෙනුම සෙබලුන් බියවැද්දිමට සමත්ව තිබිනි.

සියල්ලොම දනින් වැටි බලාසිටි මෙපමණ කාලයක් අසුරයන්ගෙන් ලද පීඩාවලින් මිදිමට ඔවුන් පෑතු නායකයා පැමිනිම ඔවුන්ට සතුටක් වුනා.

**********************

" සෙබලුන් ජන්කුක්ව පිලිගනිද "
නම්ජුන් හොසෙක් දෙස බලාසිටියි.

" පිලිගත්තා , දැන් අපිට පුලුවන් යුධ වදින්න , සෙබලුන් අප සමග එක් වෙනවිට රජුට ඉතිරි වන්නේ අසුරයෝ පමණයි "
හොසෙක් සිනාවෙයි.

" අසුරයන් සිටින්නේ සුලු දෙනයි ඉදින් අපට නියත ජයක් ලැබෙවි "
ටේහියෝන් ආඩම්බරයෙන් තම කඩුව කරකවන්න විය.










































ඉවරවෙන්න ළග යි.

ආ තව එකක් ඕනම දුශ්ඨයෙක් නිර්මාණය වෙන්න මුල්බීජ වුන කතාවක් තියෙනවා.

ඉතින්
අසුර රජු ඉපදිම ,
ජන්කුක් , ජිමින් ගේ පලමු හමුවීම ,
ජන්කුක්ගේ කඩුව නිර්මාණය ,
අසුර රජුගේ ශාපය ,
බලකුලුණු වල විරසකය ,
හෝසෙක්ගේ උපත

මේ දෙවල් ඇතුලත් කරලා කතාවක් ලිව්වා. වෙනම ,

ඒක සම්පුර්ණයෙන්ම ලියලා ඉවරකරලා ඩ්‍රාෆ්ට් තියන්ඉන්න හිතන් ඉන්නේ ,

ඔයාලා මොකද කියන්නේ

ඒක සම්පුර්ණ කරලා දාන්නද , එපාද ?

Kishu :-)

 Power Towers ||Completed||Waar verhalen tot leven komen. Ontdek het nu