47🗡

357 95 8
                                    

ජන්කුක්ව දණ ගැස්වුනේ නොදැනුවත්මය.

" ජන්කුක් "
ජිමින් ජන්කුක් වෙත දිවයන්න සුදානම් වනවිට අසුරයන් ඔහුව වට කරගත්තේය.

හොසෙක් සියල්ල දෙස බලා කට කොනින් සිනාවිය. ඔහු සංසුන්ව හා සෙමෙන් ජිමින්ට මනසින් කතාකරන්න විය.

"  ජිමින් සුදානම් වන්න ඉර බැස යාමට ආසන්නයි. "

ජිමින් හිස වනා හොසෙක් කීදේ පිලිගත්තේය.

ජිමින් තම දකුනු හස්තය අහසට දිගුකොට සැනකින් පහලට ගත්තේය. පොලව මත ස්පර්ශ වූ ඔහුගේ හෙල්ලය නිසා භූමිකම්පාවන්න විය. අසුරය එක පොදියට බිම වැටෙන විට නම්ජුන් ජින්වත් , යුන්ගි ටේහියෝන්වත් රැගෙන අහසට නැග්ගේය.

ජන්කුක්ගේ ගෙල තද කොට ගෙන සිටි අසුරයන්ගේ සමබරතාව ගිලිහිනි. ජන්කුක්ගේ ගෙල අත ඇරිනි.

සිංහයන් ජන්කුක් වෙත දිව ආවේය.

සියල්ල හොදින් සිදුවෙමින් පවති ඉර මහපොලොවට ගිලෙමින් තිබේයි කෙමෙන් අදුර වැටෙයි. ඉරබැසයාමෙන් අසුරයන්ගේ මරණයේ හෝරාව ආරම්භවේ ඒකාලය තුලදි ඔහුට පහර දිය යුතුය. මෙවර ඔහුව මරාදැමීමට ජන්කුක් හා ජිමින් තීරණය කර හමාරය.

"  වූයොන්(අසුර රජු) .........ඔබේ අවසානය "
ජන්කුක් තම අසිපත වැටි දෙසට හස්තය දිගු කල වහා අසිපත ඔහු අතට ආවේය

ජිමින් තම හෙල්ල තදකර අල්ලාගත්තේය. දෙදෙනා එක්ව අසුර රජුගේ පපුව සිදුරු පසාරු කරන්න විය. අසුර රජු කෑගසයි. ඔහු නැවත වරක් ශාප කිරිමට ප්‍රථම ජන්කුක් ඔහුගේ කද හිසින් වෙන්කලේය.

අසුර රජු මැරී වැටෙනවත් සමග සෙසු අසුරයන්ද දුර්වලවී මැරිවැටි දුවිල්ලක් ව ගියේය. ජිමින් ඔහුගේ හෙල්ලෙන් පොලව දෙබෑ කොට අසුරයන් ජිමින් විසින් සෑදු ආගාධයට ඇද දැමිය. නැවත පොලොව යථා තත්වයට පත් වුයේ අසුර රජු මිහිදන් කරවමින් . ජින් , ටේහියෝන් , ජිමින් හා එක්ව භූමියට මයා බන්ධනයක් කරේ නැවත නපුරට හිස එසවිය නොහැකි වන්නටය.

ජිමින් අවසාන වශයෙන් තම හෙල්ල කරකවා පොලොව ස්පර්ශ කර වහා මුඩු දුවිලි පිරුනු භූමිය නිල්ලගැසුනු තණපිඩලියන්ගෙන් වෑසෙන්නට විය. 

 Power Towers ||Completed||Hikayelerin yaşadığı yer. Şimdi keşfedin