7🗡️

459 147 44
                                    

අද උදේ නැකතට හයවෙනි කොටස දැම්මා. 😁
**********************

මකරුන් මකරකුලුනින් පිටත් වූ සැනින් දිවැස්දාරින් විසින් තම පිටපතක් මවා මකරකුලුනට පිටත් කලේ අරාජික නොවීමටය.


















රාජකීය සාකච්ඡා සිදුකරන රහස් කුටිය තුල පිරිස වාඩිවී සිටියි.

සාකච්ඡා මේසයේ එක්පසෙක ජිමින් ජින් ටේද අනෙක් පස ජන්කුක් නම්ජුන් යුන්ගි සිටියි

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

සාකච්ඡා මේසයේ එක්පසෙක ජිමින් ජින් ටේද අනෙක් පස ජන්කුක් නම්ජුන් යුන්ගි සිටියි.

" අසුරයන් අපේ දුරවලතා ගැන දන්නවා "
ජින් කතාව පටන්ගත්තේය.

" බොහෝවිට යුද්ධයක් ලගදිම පටන් ගනි.  "
නම්ජුන්ද කතාවට එක් විය.

මේ අතරවාරයේ ජිමින් ජන්කුක් හා සිනාවෙයි. ජින් එය දුටුවේය. ඔහු ජිමින්ව වැසෙන පරිදි තිර රෙද්දක් මැව්වේය.

" එකට යුද්ධ කරන්න අපි දුර්වල නෑ. දිවැස්දාරින් බල කල නිසා මිස ආරාධනා කරන්න කරන්න කිසි උවමනාවක් නෑ.  "
ජින් මදක් තරහිනි.

" හියුන්ග් "
ජිමින් තම මායාවෙන් තිර රෙද්ද ගිනි තිබ්බේය .

" දිවැස්දාරින් කියු නිසා මිස අපි ආවේත් උදව් ඉල්ලන් නෙමේ . මකරු කවදත් ශක්තිමත් "

" හියුන්ග් මොකද මේ "
ජන්කුක් නම්ජුන්ගේ අතින් අල්ලාගත්තේය . ජන්කුක්  දෙස බැලු ජින් නැවත කතාකරන්න විය.

" අමතකද අද උදෑසන ඔබේ සහොදරයා මායාකුලුනට කඩාවැදුනා "
ජින් වේගයෙන් මේසෙට ගැසුවේය.

යුන්ගි තම කඩුව තදින් අල්ලාගත්තේ කොයි මොහොතේ කොපුවෙන් ගැනිමට වෙයිදෝ සිතමිනි.

ටේ තම කඩුව වෙත අත ගෙන යන සැටිත් ඔහුගේ දෑස් හා දත් වල වන වෙනස යුන්ගි දුටුවේය.

" මට අමතක නෑ , මගේ සහෝදරයව බිංගෙයක හිර කලා කියලා. මායාකාරයෝ කවදත් බයයි ඒවගේම දුර්වලයි. "
නම්ජුන් ජන්කුක්ගේ අත ගසා දැම්මේය.

" මායාකුලුන කවදවත් දුර්වල නෑ. ඒවගේම මකරුවගේ සල්ලාලකම් කරන්න එන්නෑ "
ජින් ජන්කුක්ට රැව්වේය. ජන්කුක් නම්ජුන්  දෙස බැලුවේ බයෙනි.

" මං කිව්වේ මායාකාරයෝ දුර්වලයි. "
නම්ජුන් කට කොනින් සිනාවිය.

එකවර ජින්ගේ දෑස් නිල් පැහැ විය. ඔහු සිටින්නේ දැඩි කෝපයෙනි.







තව එකක් ඕනද එපාද :-)

Kishu :-)

 Power Towers ||Completed||Waar verhalen tot leven komen. Ontdek het nu