18🗡️

399 122 25
                                    

" රජතුමනි , කෙනෙකු ඔබ බලාපොරොත්තු වෙනවා "
සේවකයකු මකර අධිපතියන්ට කියයි.

" එන්න කියන්න "

" රජතුමනි දැන් රෑවෙලා "
යුන්ගි නම්ජුන් දෙස බැලිය. ඔහු සිනාසුනේය.

නම්ජුන් ඉදිරියට පැමිනියේ කළු ලෝගුවක් ඇදි පුද්ගලයෙකි. ඔහු සෙමෙන් සෙමෙන් නම්ජුන් අසලට පැමිනියේය.

" රජතුමනි , ඔවුන් හැමදේම වනසනවා. මිනිසුන් මරාදමනවා. ගැහැනුන් වනසනවා "

" මගේ රාජ්‍ය තුල කවුද "
නම්ජුන් කෝපයෙන් සින්හාසනයට ගැසිය.

" ඔව් රජතුමනි "

" කවුද "
නම්ජුන් සිටින්නේ දැඩි කොපයෙනි.

කළු ලෝගුවක් ඇද සිටි තැනැත්තා තම පපුව අල්ලා පහලට නැවින.
නම්ජුන් ඔහු අසලට ලං විය.

" රජතුමනි ලංවෙන්න එපා "
යුන්ගි කෑගැසිය.

නම්ජුන් ඔහුට ලං විය.











" අද ඔවුන්ට පූර්ණ ශක්තිය යොදන්න වෙයි. ඔවුන් සංසාරික පෙම්වතුන් මෙන්ම මා මැවූ මුල් බලකුලුනු අධිපතින්ගේ නැවත ඉපදීම............. "

ඉදිරියේ පැමිනෙන්නේ අදුරු යුගයකි. එය නැවැත්වීමට නොහැක හොසෙක් ඒ බව දනී. ඔහුට හැක්කේ අනතුරුඇගවීම පමනි.

දෛවයට හරස් විය නොහැක. ඔහු දුටු අන්තිම දැක්ම සත්‍ය වන ලකුනු පෙනෙයි. දැනටමත් මකරකුලුන බිදවැටී ඇත. රජුගේ මානික්‍ය අසුරයන් ලගය.

එතකොට අවසානයට දුටු පුංචි පැලේ දලු දෙක කවුරුන්ද ........................







මායාකුලුන මේ වනවිටත් අඩක් ගිනිගනිමින් තිබෙයි. ටේහියෝන් හා ජින් සම්පුර්ණ සෙබල මුලත් සමග සටන් වදියි. 

ජින් විසින් ජිමින්ගේ කුටියේ දොර සිරකලේ ඔහුගේ ආරක්ශාවටය. ජිමින් තම හෙල්ලෙන් නොනවත්වා දොරට පහර දෙයි. ජිමින් දොර විවර කොටගෙන ඉවතට පැන්නේය. 

ජිමින් තම සහෝදරයන් සොයා යාමට සුදානම් වන විට ඉදිරියේන් අසුරයන් අවි අමෝරා සිටිනු පෙනෙයි.

ජිමින් තම හෙල්ල තදකොට ඉදිරියට කලේය.

තමන් ඉදිරියේ සිටින අසුර රැල මරාදමමින් කාලවර්ණ මකරකු ජිමින් අසලට පැමිනියේය.

" ඔයා හොදින්ද "
ජන්කුක් තම වෙව්ලන දෑත් ජිමින්ගේ කම්මුල් මත තැබිය.

" අනේ දෙයියනේ "
ජිමින් ජන්කුක් දෙස බැලිය. ඔහුගේ සිරුර පුරා තුවාලය. ඒවායින් වැගිරෙන රුදිරයේ පැහැය දුබුරු පැහැට හුරුය.

" මට තව වෙලාව නෑ . ඒත් මං ඔයාව රකින්නම් "
ජන්කුක් කට කොනින් රුධිරය වැගිරෙයි. ඔහුගේ මුව වේදනාබරයි. දෑස් මත කදුලුය.

ජිමින් තම දෑත් ජන්කුක්ගේ තුවාල මතින් තබා දෑස් පියාගත්තේය.

" නෑ නෑ නෑ ඔයාගේ ශක්තිය අඩුවෙයි. "
















හත්වරකට වැඩි වතාවක් ටේ පිරිසිදු වානේ වලට පිලිස්සින.  සිහිසුන් වීමට ආසන්න මොහොතේ කවුරුන් හෝ තමන්ව අල්ලා පපුවට තුරුලු කර ගත්තේය. ටේ බොදවූ දැසින් ඔහුදෙස බැලිය.

ස්වෙත වර්න පියාපත් වලින් තමන්ව ආවරණය කොටගත් යුන්ගි ටේ දෙස බලාසිටියි.

" යුන්ගි "
ටේ සෙමෙන් මුමුනයි. යුන්ගිගේ දිලිසෙන සුදුපැහැ පියාපත් මේ වනවිට රුධිරයෙන් හා තුවාලවලින් කිලිටි වී ඇත.

" මං ඔයා ලගින් ඉන්නවා "
යුන්ගි ටේගේ නලලත සිම්බේය.

සියලු දෙනා සිටින්නේ දුර්වලවීය. අසුරයන් මකරුන්ගේ හා මායාකරුවන්ගේ දුර්වලතා හොදින් දනී. ඔවුන් එම දුර්වලතා වලටම පහරදෙයි.

(නිහඩවූ මුහුද නිසා උනන්දුව අවධානය අඩුවිය. මුහුදට වූ බියද අඩුවිය. එහෙත් නිහඩතාවය බිදගෙන මුහුද නැවත රැලි නැගිය. මුලු භූමි ප්‍රදේශයම විනාසකරමින්.)









ඕතර්ව හොයන්න එපා එයා යුද්ධෙ ඉන්නේ ,

මේ අද දින දෙවනි අප්ඩේට් එක.

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now