23 🗡

364 124 26
                                    

" කොහෙද ගියේ "
ටේ ඇතින් සිට එනවිට ජින් ඇසීය.

" හියුන්ග් මං පොඩ්ඩක් , නිකන් ඇවිදින්න  ගියා "
ජින් ටේහියෝන්ගේ හිසකෙස් අතරින් තම අතැගිලි යැවීය.

" මොකද මේ "

" ආ මාව ලිස්සලා වැටුනා "
ටේ එසේ කියමින් ඈතින් ඇවිදන් එන නම්ජුන් හා ජන්කුක් දෙස බැලිය.

" ආ ටේ අපි දැන් යන්න ඕන , කොහෙද ගිහින් හිටියේ , මොකද මේ තෙමිලා "
නම්ජුන් පැමිනි විගස ප්‍රශ්න රැසක් අසන්න විය.

" ආ....... මුකුත් නෑ මං ගගට වැටුනා. "






රාත්‍රිය වුවද අවට එල්ලා ඇති ලන්තෑරුම් නිසා මාරගය පැහැදිලිය. කිම් මන්දිරයට එතරම් දුරක් නොවූ බැවින් සිව්දෙනා පාගමනින්ම ඉදිරියට ඇදෙයි.

ටෙහියොන් යන අතරතුරු කල්පනා කරන්න වූයේ ගග අසල තමන්ව සිපගත් තරුනයා පිලිබදවය. ඔහුව මීටපෙර තමන්ට හුරුපුරුදු වූයේ කෙසේද කියා තවම සිතාගත නොහැක.

නැවත ඔහුව දැකීමට හැකිනම් කියාද ටේට හිතිනි.

" ජන්කුක් ඔහේ අද දවල් මාලිගාවේ සෙබලෙක්ගේ අත කැඩුවේ මොකද "
නම්ජුන්ගේ හඩින් ජන්කුක් පමනක් නොව මනෝලෝකයක සිටි ටේද ගැස්සිනි.

ටේ නම්ජුන් දෙස බැලිය ඔහු සුපුරුදු ගමනින් සන්සුන්ව ඇවිදියි , ඔහුගේ අනෙක් පසින් ජින් එසේ නැත්නම් තම සහෝදරයා වූ නම්ජුන්ගේ සැමියා ගමන් කරයි.

" ජුනි කලබලවෙන්න එපා. "
ජින් නම්ජුන්ගේ අතින් අල්ලාගත්තේය.

" හ්ම් "
නම්ජුන් ජින් දෙස බලා ඉදිරිය බලාගත්තේය.

ජන්කුක් කිසිදු බරකින් තොරව සැහැල්ලුවෙන් අවට පිරික්සමින් යයි. ඔහු දගකාර දඩබ්බර චරිතයකි. කුඩා කල පටන් කිම් පවුලේ ආදරයට මැදිව හැදි වැඩුනි. තම සහෝදරයෙක්  නොවුනද නම්ජුන් මෙන්ම ටේද ජන්කුක්ට සහෝදරයෙක්ට මෙන් ආදරය කරයි.

" කවදා හරි දවසක දංවැල් එල්ලගෙන මාලිගාවේ හිරගෙදර ඉන්න ආසාවෙන්ද මෙහෙම වැඩ කරන්නේ කුකී "
දැඩි නිහඩතාවයකින් පසු නම්ජුන් නැවත අසයි.

" මේ දුෂ්ඨ රජාව හෙලාදකින්න ඕන. එයා දුප්පතුන්ට පීඩාකරනවා. ඔහුටම ගැලපෙන ඔහුගේ සුනඛ රැල...... කාන්තාවක් පේන්න බෑ ........ "
ජන්කුක් ඉවසීමෙන් තොරව කෑගසන විට ටේ ඔහුට හිමින් කතාකරන ලෙස අතින් සන් කලේය. ජන්කුක් ටේව ගනන් නොගෙන කතාකරේය.

" ජන්කුක් , අතඇරලා දාන්න මං හැමදම කියනවා. ඔයවගේ වැඩකරන්න එපා කියලා "
නම්ජුන් ජන්කුක් පිලිබද වදවෙයි. ඔහුගේ ආරක්ශාව තිබේන්නේ තමන්ගේ අතේය. ඔහු එය සැමවිට සිතයි.





























ජනේල් කවුලුවෙන් ගලා එන අර්ධ චන්ද්‍රයන්ගේ අලෝකය ජිමින්ගේ කාමරය තුලට වැටී ඇත. ජිමින් යහන මත වැතිර කල්පනාකරයි.

" යුන්ගි මගේ හොදම යාලුවා මිසක් මගේ සහකාරයා නෙමේ . මට ඒක විශ්වාසයි. "
ජිමින් යහනින් නැගිට ජනේලය අසලට ගියේය. ඒ ජනේල් උලුවස්ස දිගේ ඇදීතිබූ නිල්පැහැ මල් වැලෙහි වූ පොහොට්ටු ජිමින් සෙමෙන් අල්ලන්න විය.

ඒවා සෙමෙන් පෙති විහිදන අයුරු ජිමින් බලාසිටියි. මේ අද්භූත මල් ගහේ පොහොට්ටු ඇල්ලූ සැනින් පෙතිවිහිදා පිපෙන්නේ ඇයි කියා ඔහු නිතර සිතයි.

මෙසේ සිතන්නට ජිමින්ට බොහෝ දෑ ඇත.
දිනක් තම අශ්වයන් බිම වැතිර කෙදිරි ගාමින් සිටින විට ජිමින් අසු ස්පර්ශ කල සැනින් පණ නගා නැගිසිටියේ කෙසේද කියා ජිමින්ට සිතාගැනීමට නොහැකිය.

ජිමින් දුකින් සිටින විටෙක සිහින් වැහිබිදු බිමට පතිත වන්නේ ඇයිද කියා ඔහු දන්නේ නැත.

සමහරක් රාත්‍රියක සිහිනෙන් ස්වේත්වර්ණ සිංහයකු දකින්නේ ඇයිද කියා ඔහුට තෙරෙන්නේ නැත.

සැමවිට පුදුමවීම් සහිත ජිමින්ගේ ජිවිතයේ ප්‍රේමයත් ආශ්චර්යයාත්මක එකක් වනු ඇති බව ඔහු විශ්වාසකරයි. එසේ වන්නට ප්‍රාර්ථනා කරයි.





Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now