41🗡

324 98 8
                                    

" එකෙක් ලගට එන්නෑ. "
ජිමින් තම අත ඔසවා වේගයෙන් පහතට හෙලිය. ඔහුගේ අතෙහි හෙල්ලකි.

හෙල්ල පොලොවේ ස්පර්ශ වූ වහා පොලොව සෙලවෙන්න විය.

මිනිසුන් පුදුමයෙන් බලා සිටියි. ඔවුන්ට අඩියක් ඉදිරියට තැබීමට දෛරියක් නැත.

ඔවුන් හිටිපියවරින් සිටිනා කල ජිමින් ජන්කුක් කැටුව දෙවොල වෙත දිව ගියේය.

ඔවුන් දෙවොල පිටුපස කැලයට රිංගා ගත්තේය. එහි ගරාවැටුනු කුඩා දෙවොලකි. ඔවුන් එය තුලට ඉක්මනින් ඇතුල් වූයේ තවමත් සමහරෙක් ඔවුන් සොයා එන බැවිනි.

මදක් දුර යනවිට ජන්කුක්ට ශක්තිය දැනෙන්න විය. එම දෙවොලේ පලුදු වූ තැනකින් හිරු එලිය යම් ස්ථානයකට වැටෙයි. එතැන තරමක් දුර්වර්ණ පාශානයකි. ජන්කුක් එය අතට ගැනිමට සුදානම් විය.

" ජන්කුක් මේ එක කියලා විශවාසද "

" මට දැනෙනවා "
ජන්කුක් එය අතට ගත්තේය. අතට ගත් සැනින් එහි වටා වූ දුර්වර්ණ කොටස් ගැලවී දිලිසෙන්න විය.

" මේ දොර හරිනූ........."
මිනිසුන් පිටතින් කැගසනු ඇසෙයි.

" අපි යන්න ඕන "
ජිමින් දොර දෙස බලා ජන්කුක් දෙස බැලිය.

අදුර අතරින් ගෙරවුම් හඩක් ඇසින.

























" මේක හරිනූ......."

" උබලා කවුද "

" අපට මුහුන දෙනු "

" උබලා අසුරයොද "

මිනිසුන් කොලාහල කරයි. දාරාගිය දෙවොල කඩා දැමිමට උත්සහ දරයි.

ඔවුන් කුතුහලයන් පසු වෙයි. මේතෙක් කල් රජුගේ දරුණු ක්‍රියාවෙන් පිඩා විදි ජනතාව දැන් කුඩා දෙයටත් බියවෙයි.

" අදුරු යුගය නිමාවිමට ආසන්නයි , දීප්තිමත් අනාගතයට ආයුබෝවන් කියනු "

මිනිසුන්ගේ කලහාරි හඩ අතරින් ගැඹුරු මෙන්ම සන්සුන් හඩක් ඇසෙයි.

ඒත් සමගම ,






























































































































විශාල කුණාටුවක් හා භූමිය සෙලවීමක් සමග ,
දෙවොල බිදගෙන කාලවර්ණ මකරෙකු අහසට නැග්ගේය.

ඇතුන්ගේ කුම්බස්තල බිදෙන හඩින් ගර්ජනා කරමින් සිංහයෙකු දෙවොලෙන් ඉවතට පැමින පුදුමයෙන් බලා සිටින මිනිසුන්ගේ හිස් වලට ඉහලින් පැන ඈතට ඇදෙයි.


*************************

" යුන්ගි "
ටේ පාද පණ නැතිවී ඇදවැටින. යුන්ගි ඔහුව තම තුරුලට ගත්තේය. ටේගේ හිසකෙස් අතර හිම පියලි රැදී ඇත. යුන්ගි තම අතින් ඒවා ඉවත් කලේය.

" යුන්ගි ඔයාගේ ඇස් , ඒවා....... එවා වෙනස් වෙනවා. "
ටේ බලා සිටියදීම යුන්ගිගේ දෑස් නිලට හුරු සුදුපැහැයක් ගත්තේය.

ඈතින් හිම ඇවිස්සෙමින් කුණාටුවක් යුන්ගි හා ටේ දෙසට ඇදෙයි.

" යුන්ගි "
ටේහියෝන් ඒදෙස බලා යුන්ගිට තුරුලු විය.

හිම කුණාටුවට ඔවුන්ව මැදි විය. ටේ යුන්ගිව තද කර දෑස් පියාගත්තේය. ටේට කුනාටුවෙන් නැගෙන හඩ ඇසෙයි. එහෙත් ඔහුගේ සමට දැඩී සීතල කුනාටු සුලග නොදැනේ.

ටේ ඇස් හැරියේය. යුන්ගි යුන්ගිගේ විහිදුනු ස්වේත පැහැ පියාපත් යුගලින් ටෙහියොන්ව ආරක්ශා කරයි.

" යුන්ගි "

" දගලන්න එපා , කෝ එන්න "
යුන්ගි තව තවත් ටේව තම තුරුලට ගත්තේය.

කෙමෙන් කුණාටුව පහව ගියේය. ටේව තවමත් සිතල නිසා දුර්වලය.

ටේ සෙමෙන් දෑස් හැර පියාපත් අතරින්
ඉමක් නොපෙනෙන හිම දෙස බලා සිටියි.

සුදු හිම අතරින් කවුරුන්හෝ ඉදිරියට ඇදෙයි.

" ටේ අපි මෙතනින් යන්න ඕන "

" නෑ යුන්ගි ඒ මගේ ශක්තිය "


















ඔන්ට අද දුන්න තුන්වෙනි අප්ඩෙට් එක .....


Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now