38 🗡

345 97 15
                                    

සියල්ල සාවදානව අසා සිටි ජන්කුක් වෙනස් වන්නට ගත්තේ එක් නිමේශයකිනි.

තම මාපියා මරණය , රජුගේ සහෝදරයගේ ද්‍රෝහිකම් නිසා ජන්කුක්ගේ තද දුබුරු දෑස් කෝපයෙන් වෙව්ලයි.

" රජු විනාස වෙන්නේ මගෙ අතින් "
ජන්කුක් කෑගසන විට සියල්ලෝම බියවිය.

ඔහුගේ කෝපයෙන් වියරූ වීමටත් වඩා අත්භූත සහගත වුයේ ඔහුගේ පිට පුපුරා රුධිරය වැගිරීමයි. ඔහු ඔහුගේ උඩු ඇදුම ගලවා දැමුවේ එම ඇදුම ඔහුට සිරවන බවක් දැනුන නිසාය.
තුවාල වී දැවිල්ල නිසා බිත්තිය මතට ගැසූ පහරින් බිත්තියේ මැටි කොටසක් ගැලවී වැටි ජන්කුක්ගේ නිය පහරවල් බිත්තිය මත ඇදින.

ජන්කුක්ගේ පෙනුම පුදුමාකාරය.
ඔහුගේ පිට මත විශාල කාලවර්ණ පියාපත් යුගලකි. එහි අග දාරය රතු පැහැ ගෙන තිබේ.

මේ අතර ජන්කුක්ගේ වෙනස් වීම් බලා සිටින ජිමින්ට ජන්කුක්ගේ පියාපත් යුගලට මැදිව සිටිනු මතක් විය.
පලමු හමුවීමේ තමන් නිරුවතින් ජන්කුක්ගේ පියාපත් අතරටත් දෑත් වලටත් මැදිව සිටියා.
තවත් වරෙක කුලුනු ප්‍රධානි ගැටුමෙදිත් , මායා කුලුනට පහර දෙනවිටත් , අවසන් හුස්ම හෙලන මොහොතෙත් ජන්කුක් ජිමින්ව ඔහුගේ විශාල කාලවර්ණ පලිහක් බදු පියාපත් යුගලට මැදි කොට ගෙන සිටි අයුරු ඔහුගේ මතකයට නැගින.

ජන්කුක්ගේ දෑස් රත් පැහැ ගැන්වී ඇත. විහිදුවන ලද ඔහුගේ පියාපත් යුගල නිසා විශාල ඉඩක් ඇහැරී ඇත. එවා ජන්කුක්ගේ පාලනයෙන් තොරය.

ජන්කුක් හැරි රහස් කුටියෙන් ඉවතට පැනිමට උත්සහ දැරුවේ රජුගේ ගෙල කඩා මරාදැමීමට සිතමින්.

පිරිස ජන්කුක්ව නැවතීමට උත්සහ දැරිම නිශ්ඵල වෙමින් තිබේ. එයින් ජන්කුක් තවත් කෝපයට පත් වූවා පමනි.

" ජන්කුක් "
ඝොෂාකාර පරිසරය අතරතුර සිහින් ලයාන්විත හඩක් කන්වැකුනු ජන්කුක් හිටිපියවරින් නතරවිය.

" කළුමකරුනි සන්සුන් වෙන්න "
ජිමින් සෙමෙන් ඉදිරියට ඇදෙන විට කෙමෙන් රන් පැහැ වෙන ජිමින්ගේ දෑස් දෙස ජන්කුක් බලාසිටියි
ජිමින් ඔහුගේ සිනිදු දෑත් ජන්කුක්ගේ කොපුල්මත මෙන්ම පපුව මතත් සෙමෙන් ගෙනයයි.

ජිමින් සුදුමිශ්‍රරන් පැහැයෙන් දිලිසෙයි. ජිමින්ගේ දිලුසෙන රන්පැහැ දෑස් ජන්කුක්ගේ රත්පැහෑ දෑස් හා ගැටිනි.

ඔවුන්ගේ තොල් එකට හමුවිය.
අවට පරිසරය වෙනත් දිනක නොවූ තරන් සෞම්‍ය වන්නට විය.

ටේහියෝන් යුන්ගිට තුරුල් විය. ඔහුගේ සිරුරෙන් සීතලක් දැනෙයි. එය සුවදායකයි කියා ටේට සිතිනි.

ටේ බොහෝ වෙලාවක් යුන්ගි දෙස බලා කල්පනා කරන්නට විය.

" මොකද , ඔයාට හැමදේ ගැනම පුදුමද "
යුන්ගි ටේගේ හිස අත ගායි.

" මට ඔයාව ගොඩක් පුරුදුයි. "
ටේ යුන්ගිගේ පපුවට තුරුල් විය.

" සමහර විට මින් පෙර ආත්මයකත් අපි මුන ගැහෙන්න ඇති. "

" කොහොමද "

" සමහර විට යහලුවන් , නැතිනම් සහෝදරයන් , වෛරකරන්නන් වන්නත් පුලුවන් , "
සුලු නිශ්ශබ්දතාවයකින් පසු යුන්ගි නැවත කතා කරන විය.

" බොහෝ විට පෙම්වතුන් විය හැකි. "























අහ්........සොරි ලමයි මේක පරක්කු වෙනෝ......හැමදාම.

Kishu :-)

 Power Towers ||Completed||Tempat cerita menjadi hidup. Temukan sekarang