3🗡️

492 162 16
                                    

රජු තවත් සෙබලෙක් සමග බිංගෙය තුලට වැදුනේ ජන්කුක් හා කතාකිරිමටයි.
එහෙත් ඔහු දුටුදෙයින් ජින්ගේ දෑස් කෝපයෙන් ගිනිගත්තෙය.

මිනිස් ස්වරුපයට පත් මකරුන් තම සහෝදරයා තදින් අල්ලාසිපගනිමින් සිටියි. ජිමින්ගේ උඩුකය නිරුවත් වී ඇති අතර  මකරුන්ගේ දරදඬු නහර පිරුනු අත ජිමින්ගේ ඉස්සුනු ඇදුමේන් පෙනෙන පිරුනු කලවා මත තිබේ.

ජිමින් සිටියේ දෑස් අඩවල් කොටගෙනය ජින්ව දුටු සැනින් ජන්කුක් තම විසල් පියාපත් මතින් අඩ නිරුවත් ජිමින්ව වසා ගත්තේය.

ජින් හා පැමිනි සෙබලා දෑස් විසල් කොට කට විවර කොටගෙන ජිමින් දෙස බලාසිටිනු දුටු මායාඅධිපතියන් තම කගින් ඔහුගේ හිස වෙන්කලේය.

" තුච්ච මකරා උබ මොන හයියකින්ද මායාකුලුනේ කුමරුන්ට ලංවුනේ "
ජින් ජන්කුක්ගේ ගෙලට කඩුව තිබ්බේය.
ජිමින් ජන්කුක් ඉදිරියෙන් සිටගත්තේය.
ජන්කුක් ඉදිරියට කරගත් තම පියාපත් වලින් ජිමින්ව වසාගෙන සිටින්නේ ජිමින්ව නොදෙන බව කියමින්

" නෑ...........හියුන්ග් එයාට පාඩුවේ ඉන්න දෙන්න. මෙතන වැරදි ඔයා. "

" පාර්ක් ජිමින් මෙහෙ එනවා. "

" බෑ මට බෑ , එන්න එපා මං ලගට  "
ජිමින් බිම වැටි තිබූ ජන්කුක්ට ඇනුන ඊතලය අතට ගත්තේය.

" ජිමින් , ඔයා මාව නවත්තන්නේ පුංචි ඊතලේ කින්ද "
ජින් කට කොනින් සිනාවී ජිමින්ගේ අතේ වූ කැඩුනු ඊතලය ඇල්ලුවේය එහි පිරිසිදු වානේ තුඩට ජින්ගේ අත පිච්චිනි.

" ආහ්............. උබ ආවේ ආයුධ සන්නද්ධවද "

" නෑ හියුන්ග් මේක ......... "

ජිමින්ව නවත්වා ජන්කුක් කතාකරන්න විය.

" මායා කුලුනේ අධිපතියනි , මම ජන්කුක්. මකරකුලුනේ යුවරජු. අද උදේ මට ගුවනින් ප්‍රහාරයක් එල්ලකලා........ "

" හියුන්ග් මේ බලන්න මේ තියෙන්නේ ගංගානිම්න ඕක් යුශ. ඒවගේම මෙකේ තලය ශුද්ධ වානේ අපි පොඩ්ඩක් හිතන්න ඕන මේ ගැන "

ජින්ට මතක් වූයේ හොසෙක් කියූ වදන්‍ ය.

" ජින් , හැමදේම වෙනස් වෙන්න දැන් කාලය හරි "

ජින් තම මායා යදම් බිද දැම්මේය. එක්වර තම පියාපත් දිගුහැරි ජන්කුක් ජිමින්ගේ තොල් අතර පුංචි හාදුවක් තබා. ඉහල කවුලුවෙන් පිටතට පැන්නේය.

සුලුමොහොතකින් මකරවේශයට ආ ජන්කුක් පවනට සමාන වෙගෙන් යන්නට ගියේය.

" පාර්ක් ජිමින් , ඇද ගන්නවා මේක "
කවුලුවෙන් පිටත බලා සිටියි ජිමින් අසලට ගිය ජින් බිම වැටි තිබු ඔහුගේ උඩු ඇදුම ගෙන ඇන්දවිය.





Kishu :-)

 Power Towers ||Completed||Kde žijí příběhy. Začni objevovat