45🗡

306 86 13
                                    

රජු සිටින්නේ උමතුවෙන් මේවනවිටත් ඔහු කාලමකරුගේ අවධිවීම ගැන දනි.

" විනාසය අත ළගයි , ඔබ නිකමෙක් " .
රජු වෙව්ලමින් කියයි.

" නෑ බොල , මං ඔවුන්ව වරක් මරාදැමුවා තව වරක් මට එය කලහැකි. "
අසුරයා එසේ කීවද ඔහු සිටින්නේ බියෙන් ය. ඔහුගේ දෑස්වලින් ඒ බව පෙනෙයි.

" රජතුමනි , ඔබව පැමිනිමට කවුරුන්හෝ ඇවිත් සිටිනවා. "

" අවසරනෑ ඇතුල් වීමට "
රජු කෑගසා ඔහු අසල මේසයේ වූ පළතුරින් පිරුනු කුඩයට වේගයෙන් අතින් ගැසිය.

" කාගෙවත් අවසර මට අනවශ්‍යයි. මං පැමිනියේ ආරාධනාවකට "

රජුගේ කුටියට හෝසෙක් ඇතුල් විය.

" තෝ , තෝ.......කොහොමද ඇතුලට ආවේ "
අසුරයා ඔහුගේ දඹරගිල්ල හොසෙක් වෙත දිගු කොට කෑගසයි. ඔහු නොදැනිම පස්සෙන් පස්සට යනවිට හෝසෙක් කටකොනින් සිනාවිය.

" මං ආවේ යුධයට ආරාධනා කරන්න. "
හොසෙක් සැහැල්ලුවෙන් කියයි.

" මං යන්නෑ , මං යන්නෑ , මට බෑ......."
රජු සිංහාසනයෙන් බැස බඩගා ගොස් සිංහාසනය පිටුපස සැගවීන.

" සෙබළුනි , මොහුව අල්ලා සිරකරනු " රජු සැගවීම කෑගසයි. අසුරයන් සිතාගැනිමට නොහැකිව බලා සිටියි.

" හෙට අළුයමට හෝරාවකට ප්‍රථම යුධය අරඹනවා. මුල් යුධය තිබූ ස්ථානයේම , ඔබට නෑවිදින් ඉන්න හැකි , එවිට අප මාළිගය වටලා යටත් කරගන්නවා. "
සෙබළුන් දුව එනවිට හොසෙක් අතුරුදන් විය.

" ඔහු ගිහින්........ඔහු ගිහින් නේද "
රජු සැගවුනු තැනින් හොස්ස පොවා බලමින් අසයි.

" පුරුශත්වයක් නැති අධම නීචයා , තෝ සැගවිලා සිට නම්බුව විනාස කරගත්තා. "
අසුරයා රජුගේ ගෙල තද කොටගෙන කියයි. රජු ගැලවීමට දගලමින් අසුරයාගේ දෑත් තම ගෙලෙන් ගලවාගැනිමට උත්සහදරයි. ඔහු දෑස් පියාගත්තේය. අසුරයගේ පෙනුම ඔහුව බියවද්දයි.

" ලෑස්ති වෙයන් යුද්ධයට "

" බැහෑ , මට බයයි "
රජු සිංහාසනයෙ ගුලි විය.

**************************

මාළිගය ගිනි ගෙන මෙන් සෙබළුන් හතර අත දුවමින් සේනා රැස් කරයි. සෑම සෙබළුන් සියයක සෙනාවකටම අසුරයන් දස දෙනා බැගින් සිටියි.

එසේ වූ සේනා සියයක් ලෑස්ති පිට සිටියි. ජන්කුක් මේ සියල්ල සිර මැදිරියේ සිට බලා සිටියි. මේ කරදර අස්සේ රජුට ජන්කුක්ව මුණ නොගැසින. කොටින්ම ඔහු මේ දිනවල ඔහුගේ කාමරයෙන් පිටතට යාම පවා ප්‍රතික්ෂේප කර ඇත.

කෙමෙන් ඉර බැස ගොස් ඉර උදාවන විට අසුරයන් සේනාව හා බියගුළු රජු කැටුව මුල් යුද්ධය නොහොත් තමන් පොලොව යට වලදැමූ භූමියට පැමිනියේය.

එය දේශයේ උතුරු දෙසට වන්න පිහිටි දූවිල්ලෙන් පිරුනු මුඩු බිමකි. කිසිදු ශාකයක් නොහැදෙන එහි කිසිදු ප්‍රාණියෙක්ට ජීවත් වීමට නොහැකි තරන් ප්‍රාණ විරහිත භූමි භාගයකි.

අසුරයන්ගේ පැමිනිමේන් සුලු වේලාවකට පසු හෝසෙක් ඇතුලු කන්ඩායම පැමිනියේය.

ඔවුන්ගේ ආගමනයෙන් අසුරයන් කොක් හඩලා සිනාසෙන්න විය.

" මෝඩ රැළ , මෙතරම් විශාල සේනාවක් මර්ධනයට ආවේ මේ මෝඩ හොසෙක් සමග මායාකාරුවෝ තිදෙනයි , මකරුන් දෙදෙනෙකුයි පමණද "

























" අහම් ,

දැන් මේකනේ වැඩේ යුද්දය කියන්නේ නෝටි දෙයක් , ජන්කුක් තාම හිරේනේ , අපි යුද්දේ නවත්තමූ , එයාලට සෙනාවකුත් නෑනේ .

අසුර අය්යා රට අරන් යන්න මෙයාලා පැත්තකට වෙලා ඉදි .
දන්නැද්ද ඉතින් තරුණ කාලේ කොල්ලෝ දගයි මෝඩයි ,
අවුලක් නෑ ශේප් ශේප්......."

ඕතර් පැනලා දිව්වා.....

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now