අතීතයේ මායා හා මකර කුලුනු වෙන් කෙරු ගංගාව අසල අද බොහෝදෙනා රැස්ව සිටියි.
අර්ධ චන්ද්‍රයන් පෑයූ සීතල සුලං හමන නිහඩ රාත්‍රියේ මිනිසුන් පානගන හඩ සෙමෙන් ඇසෙයි.
ඔවුන් අත කුඩා පහනකි. ගංගාව පුරා පහන් පාවි යමින් තිබේ." ඇයි අපි මෙහෙම කරන්නේ "
කුඩා දරුවෙකු තම පියාගේ අතින් ඇද සෙමෙන් ඇසිය." එදා යුද්ධෙදි මැරුන මකර කුමාරවරුයි , මායා කුමාරවරුන්වයි. සිහිපත් කරනවා. "
පියා පිලිතුරු දුනි." ජිමින් "
පසෙක පහනක් අතින් ගෙස දනගසා ගග දෙස ජිමින් බලාසිටියි. යුන්ගි ඔහුට ලංවිය. ජිමින් යුන්ගි දෙස හැරි බැලිය. යුන්ගිගේ මුහුන පහනේ ආලෝකයෙන් හොදින් පෙනින." හ්ම්............. ජිමින්ට හිතන්න දෙවල් ගොඩයිනේ "
යුන්ගි සෙමෙන් නැවී තම පහන වතුර මත සෙමෙන් තැබිය. සෙමෙන් වතුර කලතමින් එය පාකලේය." එහෙම නෙමේ ඒත් , හැම පාරම වගේ අදත් මගේ හිතට ලොකූ දුකක් දැනෙනවා. "
ජිමින්ගේ දෑස් පහතට නැඹුරුව තිබේ. අඩවන් වූ දෑස්ද සෙමෙන් වැසුනු පිරුනු තොල්පෙතිද ඔහුගේ අතෙහි වූ පහන් ආලෝකයෙන් පෙනෙයි." ජිමින් ගොඩක් ලස්සනයි "
යුන්ගිට සිතින. එහෙත් ඔහු සොයන රූපය එය නොවේ කියා සෑම මොහොතකම යුන්ගිට සිතින.
( එහෙනම් කවුද 😐)ජිමින් සෙමෙන් පහත් වී මෙතෙක් තම අත මත වූ පහන වතුර මත තබා පාකලේය.
" ඔය යනවද "
ජිමින් නැගිට අදුරේම ගගෙහි උඩ කොටසට සෙමෙන් ඇවිද යන යුන්ගි දෙස බැලිය." තනියම ටිකක් ඇවිදින්න ආස හිතුනා "
YOU ARE READING
Power Towers ||Completed||
Fanfictionසංසාරික ප්‍රේමවන්තයන්ගේ අවසන් හමුවීම. =jikook= 2021- නොවැම්බර්-06 2022-පෙබරවාරි-12