chapter 1

308 26 12
                                    

1.
(මෙය ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සළකන්න )

මං රුකී.
ඔව්. ඒක මගේ ඇත්තම නම නෙමෙයි. ඒත් මේක තමයි මගේ කතාව.
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
හිත හරිම බරයි. මට මේ දේවල් කියන්න ඕන. ඒත් බය නැතුව කියන්න පුළුවන් ඔයාලට විතරයි. ඔයාට පුලුවන්නම් මාව අහගෙන ඉන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඒකෙන් ඔයාට ලැබෙන දෙයක් නෑ. ඒත් මටනම්.... සමහර විට හිත සැහැල්ලු වෙයි.

මම මෙච්චර කාලයක් මේ දේවල් හිතේ හිරකරගෙන හිටියා. දැන් ඇති. මට හරි මහන්සියි. ඒ අතරෙ, ටිකක් හරි මගේ හිත නිවුවනම්, මගේ දුක ඇහුව නම් ඒ අර ඈත අහසේ ඉඳන් මා දිහා බලාගෙන ඉන්න තරු කැට විතරයි. මගේ කියල මහ හුඟක් නෑ. කීප දෙනයි ඉන්නෙ. එයාලව මට, මටත් වඩා වටිනවා. ඒකයි මේ හැමදේම. පුළුවන්ද අහගෙන ඉන්න???
...................................................
🎀🎀🎀🎀🎀
එදා...

🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
මගේ පපුව ගැහෙන සද්දෙට මටම බය හිතුණා. මම ටිකක් වටපිට බැලුවෙ වටේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙනවද කියලා දැනගන්න.

ම්හු... ගානක් නෑ.
මම හොඳට පිටිපස්සට වෙලා වාඩිවුණා. සීට් එකට පහසුවෙන් හේත්තු වෙලා ඇස් දෙකත් පියාගෙන ලොකූ හුස්මක් පිටකලේ සන්සුන් වෙන්න උත්සාහ කරන ගමන්මයි.
ඊට පස්සේ හෙමීට ඔලුව හරවල ජනේලෙන් පේන දේවල් මොනවද කියල බලාගෙන හිටියා. ගිණි පෙට්ටි වගේ ගොඩනැගිලි, මකන කෑලි වගේ වාහන... ඒ විතරක් නෙමෙයි, ඒ ඈත් වෙවී පුංචි වෙවී ටිකෙන් ටික නොපෙනී යන්න හදන්නෙ, මං ලස්සන, ආදරණීය නිදහස් ජීවිතයක් ගත කරපු මගෙ පවුල, ඒ වගේම ජීවිතේ මොකක්ද කියල පෙන්නල දීපු ගම, අමාරු තැන් වලට මුහුණ දෙන්න කියලදුන්න මගෙ රත්තරන් තාත්ත සහ කෙල්ලක් කියන්නෙ දුර්වලයෙක් කියල හිතාගෙන හිටපු මෝඩ සිතුවිලි ඒත් එක්කම මගේ රට.
මේ පළවෙනි වතාවට මම ෆ්ලයිට් එකක යන්නෙ. ඒකත් විනෝද වෙන්න නෙමෙයි. මගේ අරමුණට. තට්ට තනියම... නම විතරක් අහල තියෙන කොරියාවට.

එහෙ මං දන්න අය ඉන්නෙ තුන් හතර දෙනෙක් වගේ..

එක්කෙනෙක් මගෙ යාලුවා හන්සි.
අනිත් දෙන්න ඔයාලත් දන්නවා. ඒ ..... දෝ මින් ජූන්, ගුජුම්පියෝ... ආ... චංගුමීවත් දන්නවා..😁😁😁 ඔච්චර තමයි.

Love is GoneWhere stories live. Discover now