Chapter 5

91 20 3
                                    

මම බිල්ලගෙ මූණ දිහා බලාගෙන හිටියෙ කිසිම රිඇක්ට් එකක් හෝ විශේෂ උනන්දුවකින් තොරව. නමුත් බිල්ලා මගේ රිඇක්ෂන් ගැන විමසිල්ලෙන් ඉඳල තියෙන්නෙ කියල මට තේරුණා. මම හිටියෙ ඇත්තටම මගෙ හීනෙට තවත් පියවරකින් ළංවීම ගැන සතුටින්..

‐--------------------------------------------------
මගේ දිහා විමසිල්ලෙන් බලාගෙන හිටපු බිල්ලා හිටියේ පුදුමෙන්, වෙන්න බැරි දෙයක් උනා වගේ.... එයා උරහිස් අකුලලා, කට කොනකින් අමුතුම හිනාවක් දාලා, high five එකක් දාන ගමන් කෙවින් ඔප්පට ස්තූති කලා.

ඒත් මට තේරෙන්නෑ ඇයි මේ කියලා. කෙවින් ඔප්පත් හිනාවෙවී ඔලුව වැනුවෙ හරියට "කොහොමද මගෙ වැඩ" කියන්න වගේ.

අනේ මංදා මේකා ....
කන් විදල කරාබුත් දාලා, අලී ටැටූ එකකුත් ගහලා.. එකක් කිව්වට එකක් විතරක්මත් නෙවෙයි.. කොණ්ඩෙත් චූට්ටක් විතර දිගයි, උසයි, ඒ වගේම හැන්ඩ්සම්. කිසිම දෙයක් ඩෝන්ට් කෙයා වගේ බැල්ම. කතාවත් සීමිතයි.

ගෝනි බිල්ලෙක් වගේ මූණත් වහගෙන මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති තැනක්ම හොයාගෙන ආවෙ මෙයා කොරියාවේ පාතාල කාරයෙක් වත් ද දන්නෑ. කවුද දන්නෙ කෙවින් ඔප්පත් හොඳ මූණ පෙන්නගෙන හිටියට ඔය වගේ සංවිධානයකට බැඳිලද කියල. දෙන්න හොඳ යාලුවෝ වගේ පේන්නේ. බිල්ලා ආපහු යන්න කැප් එකෙනුයි, මාස්ක් එකෙනුයි මූනත්තහඩුව වහනවා. ම්........ ඔය හංගන් ඉන්න මහලොකු මූණ පෙන්නන්න කලින් මොකක්ද කිව්ව නේද? අහ්..

👨‍🌾"හොඳයි. අපි බලමු කෙවිනා.. ඔයා කිව්ව වගේ මේ වේකන්ට් එකට මෙයා ගැලපෙනවද කියල"

මම ඇත්තටම කල්පනා කලේ මෙතන මොකක්ද වෙන්නෙ? මේ කවුද? පාතාලයෙක්ද ? මැරයෙක් ද? මමත් මෙයාලගෙ නීතිවිරෝධී වැඩවල ඉත්තෙක් වෙයිද? මට ආපහු ලංකාවට යන්න බැරි වෙයිද? මගේ හීනත් එක්කම මමත් විනාශවෙලා යාවිද? අනේ මගේ තාත්තා.... හැමදාම රෝද පුටුවටම වෙලා .....එයා එයාගෙ නම්බුව වුණු, එයාගෙ විශ්වාසය වුනු දෝනි කරපු දේ ගැන දුකෙන්ම.... නෑ... නෑ... එහෙම වෙන්න දෙන්න බෑ........

💙 "මට හරියට කියනවා ! ඕගොල්ලො කවුද, මෙතන මොනවද වෙන්න? මට ඇත්ත දැනගන්න ඕන" මම මහ හයියෙන් කෑ ගැහුවා.

Love is GoneWhere stories live. Discover now