Chapter 30

55 14 0
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤

මම ඔයාට ආදරේ නොකල කාලෙත් මගේ පුංචි ම වෙනසක් පවා තේරුම් ගත්තෙ ඔයා, මගේ චූටිම වේදනාවකටත් තෙත් වුනේ ඔය ඇස්, ඒ තරම් කප්පරක් ආදරේ දුන්න ඔයා අද මම ඔයාට ආදරේ කරද්දි මාව දාල යන්න හදනවද?. ඔයා කැමතිද මම ඇවිදින මළ මිනියක් වෙනවට. ඔයා මොනවද ඔය කියන්න හදන්නේ.

කුකී කෙවින් ඔප්පා ලොකු කතාවක.

මොනව කතා වෙනවද දන්නෙ නෑ.. මම මේ කියන දේවල් පවා මට පැටලෙනවා . මොනව උනත් මම ආපු තීරණය වෙනස් කරන්නෙ නෑ. අද මේ සමරන්නේ මොකක්ද කියල මම දන්නේ නෑ.
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

ඔප්පල හැමෝම ඇවිල්ලා හග් කරල බායි කියල යන්න ගියා. ඒ ඇරුණම ඒ කිසිම කෙනෙක් කියපු කිසිම දෙයක් මට මතක නෑ.

අන්තිමට ඉතුරු උනේ කෙවින් ඔප්පා, මම, කුකී, ෂිහා අපි හතර දෙනා විතරයි. ටේ ත් අපි එක්ක ඉන්න හැදුවත් යුංගි ඔප්පා එයාවත් ඇදගෙන ගියා. කුකීගෙ මූණත් එච්චරම හොඳ නෑ. හේතුවක් මම දන්නෙ නෑ. ෂිහා නම් හැඟීම් මිශ්‍රණයක් වගේ. බලාපොරොත්තු රහිත මේ හමුවීම නිසා එක්සයිට් වෙලා වගේම හීනයක් සැබෑ වීමේ සතුටින්. ඒ වුනත් කෙල්ලගෙත් මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලත් තේරෙනවා.

මේ වෙද්දි කෙවින් නම් හරිම සතුටින්. ඕන එකටයි, එපා එකටයි හැම දේටම හිනා වෙනව. ලොකු සතුටකින් ඉන්නෙ කියල පෙන්නන්න යනව.

ඔප්පා... ඔයාව නොදන්න කෙනෙක් නම් පිළිගනීවි ඔයා සතුටින් කියලා. ඔයා කාවද රවට්ටන්නෙ. ඔය හිනාව යට තියෙන වේදනාව මට දැනෙනවා කෙවින්. ඒ ගින්දරට මාව පිච්චෙනවා. ඒත් මට නොතේරෙන එකම දේ ඇයි මෙහෙම වෙන්නේ. මොකක්ද හේතුව කියන එකයි.

මම කෙලින්ම ඒ ඇස් දිහා බලාගෙන හිටියා. වෙනදා නම් ඒ බැල්ම මට දරාගන්න බැරුව මමයි පරාද වෙන්නෙ. ඒත් අද... ඔයා මගෙන් ඔයාගේ ඇස් හංගන්න හදන්නෙ ඇයි.

🙎‍♂️"රුකී... දැන් ගොඩක් රෑ වෙලා නෙ බබා. කුකියා එක්ක යන්න එහෙනම්. ඔයාලට ෂිහා වත් දාගෙන යන්න පුළුවන් නේ."

💙"ඇයි.. ඔයා එන්නෙ නැද්ද යන්න.?"

🙎‍♂️"මට තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. අපි හෙට හවසට හම්බ වෙමු "

Love is GoneWhere stories live. Discover now