Chapter 10

67 15 1
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤

🍀"ටේ හ්යොන්.. මෙයාගෙ කාමරේ දොර ළඟ තිබුණ ඔයිල් වලට ඔයාගේ සම්බන්ධයක් නෑ නේද?"

🍓"නැ.. නැ.. නෑ... ජූන් හ්යුන්ග් "
මට හැරිල බලන්න බැරි උනත් මා එක්ක රණ්ඩු වෙච්ච යක්ෂ පැටියගෙ කටහඬ අඳුරගන්න බැරි උනේ නෑ"
________€€________€€__________

ඕහ්.. එහෙනම් ඒකයි වෙලා තියෙන්නේ. මම කකුල තිබ්බම ලිස්සන්න හේතුව මොකක්ද කියල දැනුයි තේරෙන්නේ.

🍀" දේ...එතනින් හැමෝම ආවට පස්සේ හිටියේ කවුද?"

🍓"අනී... හ්යුන්ග්.. මමත් ආවනේ. මට මෙයාට මෙහෙම කරන්නෙ මොකටද?."

ඒ කටහඬ බිඳිල තිබුණ විදියෙන්ම වගකිව යුත්තා කවුද කියලා හොඳටම තේරෙනවා. සමහර විට ඒකා හිතන්න නැතුව ඇති මේ තරම් දෙයක් වෙයි කියලා. කොහොම උනත් දැන් හැමදේම වෙලා ඉවරයි.

මම දැනුවත්ව කාටවත් කරදරයක් කරන කෙනෙක් නෙමෙයි. මට මෙහෙම වුණේ පෙර ආත්මයක කරපු පවක් නිසා වෙන්න ඇති. ඒත් මගේ තාත්තට විඳවන්න වෙන එකයි මට දුක.

රූම් එකේ දොරෙන් කීප දෙනෙක්ම ඇතුළු වෙන බව මට දැනුණා. මම ඇස් පියාගත්තෙ ඒ කවුද බලන්න තරම් උනන්දුවක් නොතිබුණු නිසයි. මේ විදිහට නම් ජීවත් වෙන්න සිද්දවෙන්නෙ ඊට වඩා මට මරණය වාසනාවක් කියලා හිතුනා. මට මාව දැනුණෙත් බාගෙට මැරිල වගේ තමයි.

වෛද්‍යවරු කීපදෙනෙකුම ඇවිත් තියෙන බව කතාබහෙන් වැටහුණා. මාව පරීක්ෂා කරල ඊළඟට කතා කලේ නම්ජූන්ෂී ට. මං හිතන්නේ ඒ ඩිම්පල් ඔප්පා.
ඒ කිව්වේ මොනවද කියල ඇහුණෙ නැත්තෙ මගේ ළඟ හිටපු ඩොක්ටර් කතා කළ නිසා.

👨‍⚕️"මේ පේෂන්ට් ගෙ භාරකාරයා කවුද ?"

👵"ආ... මමයි මෙයාගෙ භාරකාරයා.... මගේ ගෙදරදි තමයි ඩොක්ටර් මේ එක්සිඩන්ට් එක උනෙත්. අර... ඉන්නෙ මෙයාගෙ අයියා,"

ඒ නැනා.

👨‍⚕️"එහෙමද? අපි එයා එක්කත් කතා කරමු"

👨‍⚕️"මේකයි. මේක ලොකු ඩැමේජ් එකක් නෙමෙයි. මෙයාට කම්පනය නිසා සිදු වුණු, මොළය සහ ස්නායු අතර සම්බන්ධතාවයේ සහ ක්‍රියාකාරිත්වයේ ප්‍රශ්නයක් තියෙන්නෙ. මේක යථා තත්වයට පත් වෙන්න ටිකක් කල් යන්න පුළුවන්. ඒක දවසක් දෙකක්ද, සතියක්..., මාසයක් දෙකක්ද නැත්නම් අවුරුදු ගානක් ද කියල අපිට කියන්න බැහැ. මෙතනදි පේෂන්ට් ගෙ මානසිකත්වයත් කෙලින්ම බලපානවා"

Love is GoneWhere stories live. Discover now