Chapter 2

134 22 17
                                    


වනාන්තරයේ දෝංකාරයක් මෙන්
ඒ දිනය නැවත පැමිණේ..
කිසිවක් සිදු නොවූවාක් මෙන්
ජීවිතය ඉදිරියටම යයි
නිල් අහසේ ඊ තලයක් මෙන්
තවත් දිනක් පියඹා යයි..
කුමක් කෙසේ වුවත්
ජීවිතය ඉදිරියට යයි....

මේක මටම කිව්වද කියලත් හිතෙනවා. හිත ටිකක් සැහැල්ලු උනා වගේ ඒක ඇහුවට පස්සේ. ❤❤

මගේ ජීවිතේ ගෙවිල තියෙන්නෙ තවමත් ටිකක් උනත්, මොන තරම් අභියෝග වලට මුහුණ දෙන්න වුණාද? කොයි තරම් හැලහැප්පීම් සිද්ධ වුණා ද?
මට කඩාවැටෙනව නම් වැටෙන්න අවස්ථාව ඕන තරම් තිබුණත්, ඒ හැම තැනකදීම ආයෙත් අලුතින් පටන් ගන්න මම පුරුදු වුණා. මං වෙනුවෙන්ම ජීවිතය වැයකරල අද රෝද පුටුවට වෙලා හිටියත් තාත්තගේ හයිය හැමදාම මට ලැබුණ. ලෝකෙ දිහා බලන්න වෙනස්ම දෑසක් තාත්ත මට දායාද කලා. තාත්තා කවදාවත් පිටස්තරයෙකුට වැරදි කිව්වේ නෑ. ඒ හැම දෙයක්ම අත්දැකීමක් කරගන්න හැටි මට කියල දුන්න. මට ඒක ටිකක් අමාරු උනත් මමත් එහෙම හිතන්න හුරු වුණා. තාත්ත කිව්වේ අපේ සතුට වෙනුවෙන් කවදාවත් අනුන්ගේ සතුට බිලි ගන්න එපා කියලා. අපි කරන යහපත කවදාකම හරි අපිට පිහිට වෙයි කියන විශ්වාසය ඇති කලා.
නමුත් සමහර, සමහර දේවල් මට දරාගන්න අමාරු වුණා.

🧟‍♀️🧟‍♀️"ලොකු මල්ලි, දැන් උඹ ඔය නැහීගෙන කෙල්ල වෙනුවෙන් කිය කිය කලාට දැන් ඉන්න එවුන් මහ මිනිස්සු ගැන හිතන්නෙ නෑ.... උන් තැනකට ආවම අම්මා තාත්තා මතකත් නෑ.... නෑදෑයො අඳුනන්නෙත් නෑ.... නිදහසට කියන්න තියෙන එකම දේ අනේ අපිට වෙලාවක් නෑ කියන එක තමයි. ඔය කරන බොරු වියදම් නවත්තල මේ ගමේ ඉස්කෝලෙටම ඒකිව යැව්වනම්, මේ ඉන්න ගේ වත් හරියට හදා ගන්න තිබුණා. මොකද මේ ඉස්කෝලෙ ළමයි ඉගෙනගන්නෙ නැද්ද?"..

එහෙම කිව්වේ ලොකු නැන්දා. තාත්තා ඒ වෙලාවෙ කිව්වේ "මම දරුවන්ගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ අක්කේ. උන් හොඳට ඉන්නවනම් මට ඇති. අනිත් එක මම මගේ දරුවට හොඳ නරක කියලා දීල තියෙන්නෙ. මට මගෙ කෙල්ල විශ්වාසයි."

ඔව්.. මම තාත්තගේ විශ්වාසය රකිනව. ඔය කතන්දර කියන හැමෝගෙම කටවල් වහනව. මම පෙන්නනව මට කරන්න පුළුවන් මොනවද කියල.
මේ පටන්ගන්නේ ඒ සටන. මොන තරම් බාධක ආවත් මගේ අරමුණට යන එක කාටවත් නවත්තන්න බෑ. මම මගේම ජීවිතයක් ආරම්භ කරනව. ඇයි මම නිතරම අනුන් කියන හිතන දේ ගැන වද වෙන්නෙ. මම මොනතරම් සැහැල්ලුවෙන් හිටපු කෙනෙක්ද? 😇😇😇
මම මගේ ජීවිතේ ඇතුලෙ ආයෙත් ඉපදෙනව.!!! Yes..
Fighting...!!!!
චිමී ගෙ වචන මටත් පුරුදු වෙලා..😅😅😅
🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

Love is GoneUnde poveștirile trăiesc. Descoperă acum