Chapter 9

69 17 2
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤

🍓"බොරු.. බොරූ ... හ්යුන්ග්. ඉතින් මොකටද මේ ගොං හිවලි හොල්මනක් වගේ මෙතන හිටියෙ"

💙"ඉතින් ඔප්පා.. මම මගේ කාමරේ ඉන්න මේ හිකනලාගෙන් පර්මිෂන් ගන්න ඕනද? "

🍀"ඕක නවත්තනව දෙන්නම දැන්"
-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.-.

ඒකටනම් යක්ෂයා ටිකක් සන්සුන් වෙලා මට ඔරවන ගමන් කට වහගත්තා. ඒත් ඇඟිලි දෙකකින් ඇස් දෙක පෙන්නලා මට දික් කලේ පස්සේ බලාගමු කියන්න වගේ.

මොක්කුද ටිකක් වගේ කටවලුත් ඇරගෙන වටේ බලාගෙන හිටියා තව කීප දෙනෙක්. එක්කෙනෙක් විතරක් බිත්තියට හේත්තු වෙලා බඩත් අල්ලගෙන හිනා වෙනවා.

💙"කෙල්ලන්ගෙ කාමර වලට රිංගලා, කණ පැලෙන්න කෑ ගහල තව එනව බබා වෙන්න, කුණු හැලපයා... තමුසෙ බබා ද? ආ....හ්.? බබා ද? තමුන්ගේ ස්පීකර් සද්දෙට මගේ කණ ඉවරයි. ඈ... පකිස් බූරුවො, ඔච්චර බය වෙනවනම් මේ අප්පල ගොඩක් ඉන්නෙ. වඩාගෙන ඉන්න කියන්න එපැයි. මොන ඇටිකෙහෙලක් හොයන්න මේක අස්සෙ රිංගුවද මෝඩ මූසල උගුඩුවො. මටම වද දෙන්න ආව යක්ෂයා . තමුසෙ කොහෙ යන බිබික්කමක්ද මන් දන්නෑ. මොන හිපාටුවෙක් උනත් තමුන් නිසා මගෙ ජොබ් එකට අවුලක් උනොත් මං ඔහේව පට්ට ගහල කොට්ට මහනව. හරී....."

නැගිටගත්ත මම තවමත් බිම ඉඳගෙන හිටපු ගෝරිල්ලගෙ මූණට එබිල එක දිගට කියාගෙන ගියා.

හැමෝම මීයට පිම්බා වගේ. හ්ම් සද්දයක් නෑ.

නෑ.. නෑ.... කියපු ඒවට බය වෙලා නෙමෙයි..

මම දන්න සිංහලෙන් ම බැනගෙන ගියා. නොදන්න කොරියන් වලින් බනින්න ගිහින් අවදානමක් ගන්න බෑ නෙ.

කට්ටියම කටවල් ඇරගෙන බලාගෙන ඉඳිද්දී මම අර යක්ෂයා ගෙ කකුලකුත් පාගගෙන පඩිපෙළ බැහැල ගියේ පොන්ඩ් එක පැත්තට.

🍓"යා...හ්... මගේ කකුල "

පොන්ඩ් එක දිහා බලාගෙනත් කලේ අර වෙලාවෙ කියන්න අමතක වෙච්ච ටික මතක් කර කර බැනපු එකම තමයි. මගේ අත පය නටන නැටුම් ටික මම නොදැක්කට මගේ රූම් එකේ ඉඳල එළියට ආපු හැමෝම වගේම ගෙයි එහා පැත්තෙ බැල්කනියේ ඉදන් බලාගෙන හිටපු තවත් කෙනෙකුත් දැක්ක කියලා මම දැනගෙන හිටියේ නෑ.

Love is GoneWhere stories live. Discover now