Chapter 22

58 17 0
                                    

---------------------------------------------------

කොච්චර වෙලාවක් මම ඒ උණුහුමට නතු වෙලා නිදා ගත්තද කියන්න මම දන්නේ නෑ. ඒ සුවඳ, ඒ සුවය, ඒ සැනසුම, ඒ ආරක්ෂාව ඇරෙන්න මට තව දෙයක් දැනුනනම් ඒ කෙවින්ගෙ හද ගැස්ම විතරයි. ඒ තුරුලෙ ගත කරපු පොඩි වෙලාවෙ මට දැනුනෙ මගේ හිතේ මල් පෙරහැරක් යනව වගේ.. එයාගෙ හද ගැස්ම මට සංගීතයක් වුණා.

මට ඇහැරුණත් ඒ උණුසුමෙන් මිදෙන්න මට හිත දුන්නෙ නැති නිසා තවත් ටිකක් ඇස් පියාගෙනම හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට ඇහැරුණත් ඒ උණුසුමෙන් මිදෙන්න මට හිත දුන්නෙ නැති නිසා තවත් ටිකක් ඇස් පියාගෙනම හිටියා. කෙවින් කුකී එක්ක කතා කලේ හරිම හෙමින්, ඒ මගේ නින්දට බාධා වෙයි කියලා. ඒත් එයා කතා කරද්දි පපුවෙන් එන හඬ මට මිහිරිම අත් දැකීමක් කියල එයා දන්නෙ නෑ. මට මගේ ජීවිත කාලයම මේ විදිහට ගෙවල දාන්න පුළුවන් නම් කියල දහස් වාරයක් හිතුනත් ඒ හැම වතාවකම මගේ මල් පෙරහැර අස්සේ මළ බෙරයක් වැයෙන්න වගේ මට මතක් වුනේ කෙවින්ගෙ "මගෙ මැණික" ව.

ඇත්තටම මම හිතාගෙන හිටියේ රිෂාන් ගෙන් පස්සේ මගේ හිතට කිසි කෙනෙකුට කවම කවදාවත් ඇතුල් වෙන්න බැරි වෙයි කියල.

ඒත් කාලෙත් එක්ක රත්තරන් කියල හිතාගෙන හිටපු මිනිස්සුන්ගෙ හැටි තේරුම් යද්දී, කරපු ගොං කම් වැටහෙද්දි, ඊට වඩා වටින මිනිස්සු ජීවිත වලට එද්දි ඒ දොරගුළු ඇරිලා පුස් ගඳ ගහන මතක නිකන්ම නිකන් මතකයන් විතරක්ම වෙනව.
දෙවියො වඩින තැන් වල පෙරේත පිසාච කුම්භාණ්ඩයින් ට ඉඩක් නැතුව යනව. මම ඒක දැනගත්තේ අත් දැකීමෙන්මයි.

ඒත් මගේ අවාසනාවට ඒ දෙවියන්ට මගේ හිත දෙවොලක් කරල වෙන් කරන්න මට අවසර නෑ. එයා වෙනුවෙන් වෙන් වුනු පින් බිම තියෙන්නෙ වෙන තැනක.

ඒ මොනව වුනත් මට, මගෙ හිතට දැනෙනව එයාගෙ හිතේ යාළු කමකට එහා ගිය හැඟීමක් මං ගැන තියෙනවා කියලා. නමුත් මේ වෙනකොටත් එයා වෙන කෙනෙකුගේ වෙලා ඉවරයි. කෙවින් ඔප්පා කවදාවත් රිෂාන් වගේ ආදරේ කරන හිතට දුකක් දෙන කෙනෙක් කියල මං කොහොමටවත් හිතන්නේ නෑ.

Love is GoneWhere stories live. Discover now