Chapter 40

48 10 0
                                    

"ඒත් එදා ඒ වෙලාවේ මම එතනට නොගිය නම් මේ කතාව අද මොන විදියට වෙනස් වෙලා තියේවිද දන්නෑ. ඒ වෙනකොටත් නැනා කෝල් කීයක් ගත්තද මන්දා. අපරාදේ ෆෝන් එක. මේකා ඒක කුඩු කලා. වෙලාවට ඊට කලින් මම ඒකෙ තිබුණ දේවල් චිප් එකකට සේව් කරල දුන්නෙ හදිස්සියකට ඕන වෙයි කියල. එදා තමයි රුකීට කිව්වේ කෙවින් මාවයි බබාවයි එයා භාර ගන්නවා කියලා. එහෙම කියන්න කිව්වේ වෙන කරන්නම දෙයක් නැති නිසා. ඒ කරලා තමයි කෙවින් මිස් ෂිහාට කිව්වේ රුකීව ගන්න එන්න කියලා. ඒ සිද්ධියෙන් පස්සේ කෙවින් ෆෝන් නම්බර් එක මාරු කරලා USA ගියා. ටික කාලයක් යනකම් නැනා ඇවිත් කෙවින් ගැන හෙව්වා. මටත් ටිකක් අමාරු වෙද්දි ජේ වොන් මාව ෂොප් එකට ගෙන්න ගත්තෙ නෑ. මම කෙවින් එක්ක ගියාද කියල නැනා සෑහෙන්න හෙව්වා. එයාට බොරු කරන්න අමාරු නිසා කෙවින් මට නඩත්තු ගෙවනවා කියල කිව්වේ. "

"ඒ අතරෙ දවසක් තමයි කුකී එක්ක රුකී ෂොප් එකට ඇවිත් තිබුණෙ. ඔයාල එලියෙ ඉන්නව දැකපු ගමන් ජේ වොන් කෙවින් ට කෝල් කරල කියලා. කෙවින් තමා කියල තිබුණෙ මම කෙවින් එක්ක USA ගියා කියන්න කියලා. හැබැයි ඔය හැමදේම වෙද්දි මට මේ කෙල්ල ගැන පුදුම දුකක් තිබ්බේ . මමත් මහ පව්කාර වැඩක් කලේ කියල මගේ හිත මට වද දුන්නා. ඒත් මට ඔය දෙන්නගෙම ජීවිත තරම් වෙන දෙයක් ලොකු නෑ. එතනින් එහාට කතාව මිස් ෂිහා වගේම ජංකුක් ඔයා මටත් වඩා හොඳට දන්නවා ඇති නේ"

අද දවස සර්ප්රයිස් වලින් ම පිරුණ දවසක්. සමහර ගැටළු විසඳෙන වගේ වුනාට මේ වෙන දේවල් ගැන මට කිසිම වැටහීමක් නෑ. පිස්සු වගේ . ඔයාලටවත් තේරුම් ගන්න පුළුවන් වෙයිද බලන්න. කොහොම වුනත් දැන් මට සෝ මින් ඔන්නි රිලවියක් නෙමෙයි. මෙතනින් එහාට තව මොනව වෙයිද මන්දා. මට දැනෙන විදියට තවමත් අපේ ප්‍රශ්න ඉවර නෑ. කුකී පට්ටම අවුල්. නැනාට කතා කරන්නම හදනව. අමාරුවෙන් නවත්තගත්තෙ.

මාත් එක්ක දිගටම ඉන්න කියලා ඉල්ලනවා.

සරංහේ චිංගු

-රුකී-
💙❤💙❤💙❤
💙❤💙❤
💙❤
💙

Love is GoneWhere stories live. Discover now