chapter 4

103 20 6
                                    

LOVE IS GONE

Chap. 04.
(මෙය ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සළකන්න )

🤎"අන්න එහෙම එන්න ඔප්පා. දන්නවනේ හන්සිගෙ කටට බ්රේක් නෑනේ. අපිට හොඳට සළකන්න. නැත්නම්.... මොනවා කියවෙයිද මන්දා"😁😁
..................................................

චුම්මා.... බඩගිනියි අනේ.... මොනවද තියෙන්නෙ... හන්සි කෑ ගහගෙනමයි ගෙට ඇතුල් වුණේ. හන්සි පොඩි කාලේ ඉඳන්ම එයාගෙ පුංචිට කිව්වේ චුම්මා කියලා.

👧වොෂ් දාගෙන එන්නකෝ මොනවද තියෙන්නෙ බලන්න.

මම වොෂ් එකක් දාගෙන රූම් එකට එනකොටත් හන්සි චේන්ජ් කරගෙන ඇවිත් මගේ ඇඳේ වාඩි වෙලා.

🤎 බඩගිනියි කෙල්ල...වරෙන් කො ඉක්මනට යන්න.. මම බඩගින්නේ මැරුණොත් හැමෝටම වස ලැජ්ජාව. හරිද??

💙""අපෝ.. යං යං.. මළ පෙරේති. අර එනගමන් කකා ආපු ඒව කොහෙටද බන් ගියෙ?

🤎මොකක්ද බන්... ඒක.. බෙංගාල බොක්කට පොල් ලෙල්ලක් ගියා වගේ.... දැනුණෙවත් නෑ බඩට...

🙍‍♂️ මේකිට දැනෙන්නනම් කොන්ක්‍රීට් සවල් හත අටක් විතර ඕකට පුරවන්න වෙයි.....

🤎 අනේ මේ.. තමුසෙටත් දැන් හිත පිරිලනෙ. නැත්නම් සාගතේට මැරෙන්නේ මට කලින් තමුසෙ නේ...

ඔහොම රණ්ඩු වෙවී ගිහින් හැමෝම (හන්සි, චුම්මා, කෙවින් ඔප්පා, මම) කෑම මේසෙට වාඩිවුණා. සම්චොන් අද එන්න රැ වෙනවලු..

👧 "රුකී... කොහොමද දූ ඔයාගෙ අලුත් වර්ක් ප්ලේස් එක?"

💙" හොඳයි ආන්ටි, මම හවස හය උදේ හතර ෂිෆ්ට් එක භාරගත්තා."

👧"ඉතිං දුව ඔයාට ට්‍රාන්ස්පෝට් හම්බවෙනවද"

💙"ඔව්. "

🙍‍♂️"ටිකක් පුරුදු වෙනකන් මට එක්ක යන්න පුළුවන් නෙ" අම්මා... "

👧"ඒකනම් හොඳයි පුතා. මේ දරුව තනියම යන එකට නම් මමත් කැමති නෑ...හිතේ හයියට වැඩ කලාට තවම ඉගෙනගන්න වයසෙ පොඩි කෙල්ලනෙ" චුම්මා මගේ ඔලුව අතගාන ගමන් කිව්වා...

🤎"මේක මාර වැඩක් තමයි. එයා බබා. ඔක්කොම එක්ක රුකී බබා නළවන්නකෝ, මාව මතකත් නෑ මේ මිනිස්සුන්ට. සම්චොන් විතරයි මට ආදරේ. එයත් නෑනෙ ඉතින් "

Love is GoneWhere stories live. Discover now