Chapter 47

89 9 0
                                    

FINAL

🖐🖐🖐🖐🖐🖐🖐🖐🖐🖐🖐🖐

හොස්පිට්ල් එකේ කොරිඩෝවට වෙලා මං හිස් වුන දෑසින් බලාගෙන හිටියෙ එහා පැත්තේ තිබුණ බෝගන්විලා පඳුර දිහා. ඒක දම් පාට මල් වලින් වැහිලා. ඒ වුනත් කිසිම සුවඳක්, මෘදු බවක් ඒ මල් වල නෑ. හරියට අද ඔයාගෙ හිත වගේ මැණික. ඔයාගෙ හිත ලස්සනයි. ඒක මං දන්නවා. ඒත් දැන් ඒ හිතේ මට ඉඩක්, මං ගැන ආදරයක් නෑ. ඔයාගෙ මුළු ජීවිතේම කියල කියපු මම අද නාඳුනන පිටස්තරයෙක් වෙලා. මගේ මුළු ලෝකෙම වෙච්ච ඔයා මට එහෙම සලකද්දි මට දැනෙන්නෙ කොහොමද කියල ඔයාට කවදාවත් හිතාගන්නවත් බැරි වෙයි රුකී. ඔයාට මාව අමතක වුණත් රිෂාන් ව මතකයි. ඒක මතක් වෙද්දි නම් දුක වහගෙන මතු වෙන්නෙ තරහක්.

ඩොක්ටර් මීදුම් ට මම ආයෙත් කෝල් එකක් ගත්තෙ හිත හදාගෙන ඉන්නම බැරි තැන. කීප වතාවක්ම ට්‍රයි කලා. අන්තිමට එයා ආන්සර් කලා.

🙎‍♂️"ඩොක්ටර්.. මොකක්ද මේ වෙලා තියෙන්නේ.. ඇයි එයාට මාව මතක නැත්තෙ. ඇයි එයා රිෂාන් ගැන අහන්නෙ. කවදද එයාට සනීප වෙන්නෙ. මොනා හරි කරන්න ඩොක්ටර්. ප්ලීස්..

👩‍⚕️"අපි ටිකක් ඉවසමු මිස්ටර් කෙවින්. ඔයාට තේරෙනවනෙ. එයාට ඇති වෙච්ච කම්පනය පොඩි නෑ. ඒ නිසා අපිට බෑ ආයෙත් එයා ෂොක් වෙන දෙයක් කරන්න. කොටින්ම එයා දුක් නොවෙන්න, තරහ නොයන්න, බලාගන්න එක අපේ වගකීම. එයාගෙ සතුට තමයි මේ තත්ත්වය රිකවර් වෙන්න හොඳම බෙහෙත . ඒ වගේම කාලය තමයි අවශ්‍ය. මට වෛද්‍යවරයෙක් විදියට පේෂන්ට් ගෙ පැත්තෙන් හිතන්න වෙනව. අයිම් සොරි මිස්ටර් කෙවින්. මට මේ වෙලාවෙ ඔයා වෙනුවෙන් මොනවත් කරන්න බැරි වීම ගැන. ඔයා තව ටිකක් ඉවසන්න. ආ.. තව එක දෙයක් කියන්නම්. ඔයා එයාගෙන් ඈත් වෙන්න එපා."

🙎‍♂️"ඈත් වෙන්න එපා ??? එහෙම රුකීගෙන් ඈත් වෙන්න පුළුවන් නම් මට වෙන මොනවද කරන්න බැරි ඩොක්ටර්? ඒත්... එයාට මාව කවදාවත් මතක් වෙන එකක් නැති වෙයිද ඩොක්ටර්?? මට දැනටම පිස්සු වගේ."

👩‍⚕️" හැමදේම හොඳින් සිද්ධ වේවි. බී ස්ට්රෝන්ග්."

එදත් මම යද්දි මගේ ඒන්ජල්ට හොඳටම නින්ද ගිහින්. රුකී.. ඔයාම නේද කිව්වේ මාව කවදාවත් අමතක වෙන්නෙ නෑ කියල. ඊළඟ ආත්මයේ වුනත් ඔයා මාව අඳුනගන්නව කියල ඇයි මට දැන්මම මෙහෙම කරන්නෙ. රිෂාන් කියන්නෙ මොකෙක්ද රුකී. ඇයි ඒ පුස්නාම්බුව මතක තියාගෙන මාව අමතක කලේ.

Love is GoneWhere stories live. Discover now