chapter 16

65 16 0
                                    


👵"ඇත්තටම දරුවො ඔයා මට හොඳ කෙල්ලෙක් තමයි ගෙනත් දුන්නෙ. ඒත්...... "

"ඒත්.... කොහොමද මම කියන්නෙ. කොහොම උනත් මං කැමති නෑ මෙයාගෙ මේ වැඩේට නම්.... "

🙍‍♂️" ආ... නෑ.. නෑ... නැනා. කිසිම ප්‍රශ්නයක් නෑ.. It's all okay. මම එහෙනම් රුකීව එක්ක යන්නම්. ඒ ගැන හිතන්න එපා"

යකෝ... මෙන්න මූ. මට ජොබ් එක නැතිවෙනව කිව්ව විතරයි, මේකට ආතල්. මේ මොන මගුලක් ද? මොකෙක් වැහිලද මන්දා. මම හිටපු තැනම නැවතිලා අහගෙන හිටියා.

👵"ඈ....හ් .. මේ මොකෝ කොල්ලො. මං කියල ඉවරත් නෑ. කෙල්ලව ගෙදර අරගෙන යන්න කල්පනාව. නේ... එදා කොහොමද? "නැනා... මෙයාව ජොබ් එකට ගන්න" කියලා වැන්දෙ නැති ටික විතරයි. ඒකට දැන් මොකෝ මේ.... අම්මෝ උඹත්.. කුකුල්ලු රකින නරිය වගේ. කෙල්ල නැතුව ගෙදර පාළුද?"

අප්පා.... කොල්ලගෙ මූණ බලන්න වටින්නෙ දැන්. හපෝ.. කිරි වල පොඟවපු ප්ලේන් බනිසක් වගේ. ලැජ්ජාව කන් දෙකෙන් බේරෙනවා. නැනාගෙ හිනාව ඊට හපන්. හ..හා.... යෞවනයේ පොපියන චමත්කාරය. 🤪🤪🧐😕😳😩😓😰😨😫😠

👵" මෙයා ආවට පස්සේ අපේ පොඩි එකත් හරි රිලැක්ස් එකේ ඉන්නව නැනා දැන් සතුටින් ඉන්නෙ කියල. මෙයාව දැන් යැව්වොත් එයත් මට බනියි. ගෙදර විතරක් නෙමෙයි ගාඩ්න් එකත් එළිය වැටුනෙ කෙල්ල නිසා"

👵" හ්ම්. මට තේරෙනවා කෙවා බේබි. මේ ටිකේ ඔම්මත් නෑ. නංගිත් ගියානෙ. අප්පා කවදත් බිසී නෙ. අනික අපේ රුකී ඉන්න තැන පිරිලා. ගෙදරක ඉඳලා ගියාම පාළු ඇති. ඔයත් ඉතින් මගෙ පොඩි එකානෙ. කැමතිනම් මෙහෙට වෙලා ඉන්න. ඔම්මා එනකම්ම උනත්. මට ඔයාව වැඩි නෑ මැණික. ජොජෝආ එක්ක ඉන්න පුළුවන්. එයත් කැමති වෙයි."

👵"ම්හ්... ඉතින් මං මේ කියන්න ගියෙ අපේ කෙල්ලට මහන්සි වැඩි නැද්ද රෑටත් වැඩ කරන්න ගියාම. ආයෙත් අසනීප වෙන්නත් පුළුවන්. ඩොක්ටර් කිව්වේ රෙස්ට් කරන්න කියලා නේද ? අනේ.. අර හොස්පිට්ල් එකේ හිටපු හැටි මට තාම මතක් වෙනවා"

මමත් එතනට ගියා කතාවට එකතු වෙන්න. එහෙම නැති උනොත් මට මේ බන්ධනාගාරෙ ඇතුලටම වෙලා ඉන්න වෙන පාටක් තියෙන්නෙ.

👵"ආ.... මේ එන්නෙ අපේ පොඩි කෙල්ල. අපි මේ ඔයා ගැන තමයි කතා කලේ "

💙"ඇයි මැඩම්?"

Love is GoneWhere stories live. Discover now