Chapter 34

57 16 2
                                    

LOVE IS GONE

පෙර කොටසට

Chap. 34

(මෙය ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සළකන්න )
❤❤❤❤❤❤❤❤❤❤❤❤

☘"ලූගීයා.. හෙට උදේ වැඩට එන්න. Pdනිම් කිව්වා ඔයාගේ ප්‍රමෝෂන් ලෙටර් එක භාරගන්න උදේ ආපු ගමන්ම ඔෆිස් එකට එන්න කියල. එතකොට අර ෆොටෝ එකේ සිද්ධියට තිබ්බ ඉන්ක්වයරි එකේදි හොයාගෙන තියෙනවා කරපු කෙනාව. ඒ ගැන කතා කරන්න එක්කම තමයි එන්න කිව්වෙ. "

💜💜💜💜💜💜💜💜💜💜💜💜

රෑ වෙලා ෂිහාව ඩ්‍රොප් කරන්න යමු කියලා කුකී කතා කලා. මට ඕන වුනේ තනි වෙන්න. ඒ නිසා මම අදි මදි කරද්දි යන ගමන් එයාව එක්ක යන්න ටේ බාරගත්තා. ඉතින් ඒ ඉබිබිත් දියේ දාන්න ඇහුව වගේ තමයි.

හැමෝම යන්න ගියාට පස්සෙ මමත් මගේ කාමරේට ගිහින් දොර වහලා ලොක් කරගත්තා. කෙවින් ඔප්පා.... ඔයා ගැන මතක මේ හැම තැනකම.. බලන බලන තැන පේන්නෙ ඔයාව. ඔයා කියපු දේවල් ඇහෙනවා වගේ. මේ ඇඳ උඩ, අර බැල්කනියෙ, මේ කාමරේ හැම තැනකම, ඔයාවමයි මට පේන්නෙ. අද පුදුම තරම් ඔයා නැති අඩුව මාව රිදවනවා කෙවින්...

මම ගියෙ අපේ මතක වලින් පිරුණු බැල්කනියට.

කියාගන්න බැරි පාළුවක්, තනිකමක්, කාන්සියක් අද මාව නොමරා මරනව. හිතට වගේම ගතටත් මහන්සියි. ඔලුව කැක්කුම අඩුවකුත් නෑ. මේ වගේ වෙලාවක ඔයා හිටියනම්.......

අද මම මේ ලෝකෙ තනිවෙලා... දැන් තමයි මට තේරෙන්නේ මගේ මුළු ලෝකෙම වෙලා තිබුණෙ ඔයාමයි ඔයා විතරමයි කියලා. අනේ... මේ දේවල් මට මීට කලින් තේරුණා නම්..... මට හීනෙන් කියවන කැත පුරුද්ද නොතිබුණා නම්... ඔයා අර යක්ෂ ගෑනි ළඟට නොගිහින් තිබුණනම්.....

මට තියෙන දුක, ඔයා මට නිකමට හරි ආදරේ කලානම් ඇයි කෙවින් එයා ළගට ගියේ... ඔයා ඇත්තටම ආදරේ කලා නම් කොහොමද එහෙම එහෙම කලේ? ඔය ඇස් වලින් කොහොමද එහෙම බැලුවෙ? ඔය අත් වලින්..... ඔය... යා............හ්... යාාාාහ්.... නෑ..... බෑ.... බෑ........ මට හිතන්නවත් ඕන නෑ එහෙම දෙයක්.

මගේ දත් දෙපෙළ එකිනෙකට තද වෙද්දි අත මිටමෙලවුන පාරට ආයෙත් අතෙන් ලේ එන්න පටන් ගත්තා. මට ඔයා වෙනුවෙන් මෙච්චර දෙයක් කරගන්න පුලුවන් වුනා. ඒත් ඒ ගෑනි ඉස්සරහ ඔයාට මාව අමතක වුනා. කෙවින්.... ඇයි එහෙම කලේ කෙවින්..... ඇයි.......?? මට ඔලුව පාත් කලාම පපුවෙ තවමත් නොමැකුන සලකුණු පෙනුනා. මගේ හුස්ම හිර වෙනව වගේ..

Love is GoneWhere stories live. Discover now