Chapter 15

62 17 0
                                    

LOVE IS GONE

පෙර කොටසට

Chap. 15

(මෙය ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සළකන්න )
❤❤❤❤❤❤❤❤❤❤❤❤

මට කන්න බැරි උනේ හවස කාපු නිසා ද නැත්නම් මගෙ බෙස්ටා නැති පාලුව මට වදදෙන නිසාද මන්දා.

ගොඩාක් රෑ වෙලා කෙවින් යන්න ගියේ. මටත් නිදාගන්න උවමනාවක් නොදැනුන නිසා මම ආයෙත් බැල්කනියට ගියා.
---------------------------------------------------

හඳ පායල නැති පාළු අහස තරු කැට වලින් පිරිල ඉතිරිලා. පරිසරය ලස්සනයි. ඒත් හඳ නැති අඩුව මකන්න ඒ තරු යායටමවත් පුළුවන්ද?

මට මොනවද වෙලා තියෙන්නේ. මටම තේරුම් ගන්න බැරි සිතුවිලි රැහැන් මාව එතනටම බැඳ දාලා.

මගෙ තාත්තා, හන්සි, චිමී, ශිහා, කෙවින්, මේ හැමෝම නැතුව මට පාළු දැනෙනවා. තදින්ම. ඇඟ කීරි ගැහෙන සීතල. මට ඇතුලට යන්න හිතුනෙ නෑ. මේ වේදනා විඳගෙන මට මගෙන්ම පළිගන්න ඕන වුණා. මට හිතුනෙම මගේ හිතේ වේදනාව මේ හැම දේකටම වඩා වැඩියි කියලා.
මම එතන තිබුන පුටුවෙන් වාඩිවෙලා කකුල් දෙකත් උඩට ඇදගත්තා. කල්පනා ලෝකෙ අතරමං වුණ මට වෙලාව යනවා දැනුනේ නෑ.
----------
සීතල වෙනුවට මට දැනුණෙ සුවදායක උණුහුමක් . හෙමින් ඇස් ඇරල බලද්දි මම හිටියෙ මගේ ඇඳේ. පොරවලා තිබුණ බ්ලැන්කට් එක නිසා සීතලක් දැනුණෙම නෑ. මම වටපිට බැලුවේ මේ මොනවද වුණේ කියලා හිතාගන්න බැරුව. තවමත් බැල්කනියේ දොර ඇරලා.

බ්ලැන්කට් එක පැත්තකට දාලා මම ඇඳෙන් බැහැල බැල්කනියට ගියේ දොර වහල දාන්න හිතාගෙන. තවමත් උදේ නිසා කාමරේට හුළඟ එන්නෙ තද සීතලක් එක්ක.

ඒත්.......
දෙවියනේ... ඇයි මෙහෙම? මගේ හදවත ගලක් කර නොගත්තනං... එහෙනම් මේ ටිකට මගේ හදවත උණු වෙලා දියවෙලාම ගිහින් තියේවි.

මම ඉඳගෙන හිටපු පුටුවෙ දැන් කෙවින් හොඳටම නිදි. එක කකුලක් දිගෑරගෙන, අනිත් කකුල පුටු ඇන්ද උඩින් දාගෙන, අත් දෙක නවල ඔළුවට තියාගෙන. අනේ හොඳටම නින්ද ගිහින් . සුදු මූණෙ ඇස් යට අඳුරු පාට වෙලා.

ඊයෙ රෑ මෙයා ගියානෙ. කොයි වෙලාවේ ආවද දන්නෑ. නිදාගෙන නැද්ද එතකොට. ඉතින් මේ වෙලාවේ මෙතන?? මගෙ හිතේ ප්‍රශ්න කෝටියයි.

Love is GoneWhere stories live. Discover now