Chapter 37

53 12 1
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොම කොහොම හරි අදාල දවස ආවා. මගේ ජීවිතේ අවසාන දවස. කම්පනි එකෙන් මාසෙක නිවාඩුවක් අරගෙන මම අවුරුදු ගානකින් දැක්කෙ නැති මගේ මව් රටට පය තිබ්බ. ඒත් මම අද තනියම නෙමෙයි. මා එක්ක කුකී, ටේ, ජිමින් , ෂිහා ලංකාවට ආවෙ මාව මොන ප්‍රශ්නෙකදිවත් තනි කරන්නෑ කියල අපි අපිටම වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න.

ජිමින් ඔප්පා ගොඩක් වෙලාවට මාත් එක්ක නොහිටියත් , කුකී, ටේ දෙන්නම යන නිසයි, ලංකාව ගැන මගෙන් අහගත්ත දේවල් නිසයි එයත් ආවා. මං හිතාගෙන හිටියටත් වඩා එයා ගොඩක් හොඳයි කියලා තේරුනේ ටිකක් ආශ්‍රය කරද්දීයි. ඒත් මට එහෙම සතුටු වෙන තරම් මානසිකත්වයක් තිබුණෙ නෑ. නිතරම හිටියේ ලිප උඩ රත් වෙන වතුර හැලියක ඉන්න කකුලුවෙක් ගානට. මොහොතින් මොහොත මැරි මැරි ඉපදුණා. කෙවින් මතක් නොවෙන නිමේෂයක් නොතිබුණු තරම්.

කටුනායක ගුවන් තොටුපලෙන් කෙලින්ම ගියෙ පර්ල් ඕෂන් හොටෙල් එකට. ගොඩක් ජනාකීර්ණ නොවුන මුහුදු වෙරළ ආසන්නයේ තිබුණ ඒ හොටෙල් එක අංග සම්පූර්ණ හරිම ලස්සන එකක්. කුකීලගෙ ආරක්ෂාව සහ නිදහස ගැන හිතලයි මෙතන බුක් කලේ. එයාලත් එක්ක ආපු එකම ගාඩ්, ඒකත් හරිම පිස්සු කෝච්චියක්. එයාව ගාඩ් කරන්න උනේත් ෂිහා ට. ජිමින් ඔප්පා එක්ක එකතු වෙලා කෙළින තරමක් කෙළින්නෙම පිස්සු.

අපි හොටෙල් එකට ගිහින් ටික වෙලාවකින් හන්සි චිමී දෙන්නම ආවා. මගේ අවමගුලට අඳින ඇඳුම් ටික සහ අනිත් අවශ්‍ය දේවලුත් අරගෙන දෙන්න ආවෙ. අපිට අමතර වෙලාවක් නෑ. හෙට උදේ අටහමාරට ගෝල්ඩන් සන් වෙඩින් හෝල් එකට යන්න ඕන.

අවුරුදු ගානකින් දැකපු මගේ
සහෝදරියො දෙන්නව බදාගෙන කොච්චර වෙලාවක් ඒ සතුට වින්දද කියල මං දන්නෙ නෑ. චිමීගෙ කට නන්ස්ටොප්. හන්සිගෙ හිනාව දැක්කම කෙවින් ඔප්පගෙ ලස්සන හිනාව මතක් වෙලා මට මාවත් අමතක වෙනවා. ඒ දෙන්න සහෝදරියන්ගේ දරුවෝ නිසා වෙන්න ඇති. මම හන්සි දිහා කන්න වගේ බලන් හිටියෙ ඇස් වල කඳුළුත් පුරවගෙන. මමයි ෂිහායි එක රූම් එකක ඉද්දි අර හතර දෙනා තවත් රූම් දෙකක හිටියේ. දෝ ජොන් ඔප්පා ගාඩ් වුනත් අනිත් තුන් දෙනා එයාටත් කිසිම වෙනසක් කලේ නෑ. ටික වෙලාවක් ගියාට පස්සෙ ෂිහා ළඟට ඇවිත් කතා කරනකල්ම අපි මේ ලෝකෙ සිහියකින් නෙමේ හිටියෙ.

Love is GoneDonde viven las historias. Descúbrelo ahora