Chapter 3

114 20 4
                                    

ඔප්පා මාව බස්සල ගියාට පස්සෙ මං හැරිල බැලුවා මගේ හීන වලට පාට දෙන්න සූදානම් වෙන ඒ තැන දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔප්පා මාව බස්සල ගියාට පස්සෙ මං හැරිල බැලුවා මගේ හීන වලට පාට දෙන්න සූදානම් වෙන ඒ තැන දිහා .

Dongdaemun supermarket..

ලොකු අකුරින් ගහල තිබුණ. මගේ ෆයිල් එකත් තුරුල් කරගෙන ඔලුව කෙලින් කරල ගට්ස් අරං ගියා ඇතුලට. අපිට කවුද බය.. අපි කාටද බය..කියල❤❤

කොරියන් උගන්නපු සහ ඩයලොග්ස් කට පාඩම් කරවපු හන් යොං සොන්සෙංනිම් ට හිත ඇතුලෙන් හයියෙන් සාදුකාරයක් දීල, කීප දෙනෙක්ගෙන් අහගෙන සමුසිල් (ඔෆිස්) එකට ගියා. කරුණාවන්ත මූණක් තියෙන කොට මහත බෝලයක් වගේ මනුස්සයෙක් ලොකු කැරකෙන පුටුවක වාඩිවෙලා CCTV screen දිහා බලාගෙන හිටියා.

මම හෙමින් වීදුරු දොර ළඟට ගිහින් පොඩි තට්ටුවක් දැම්මා

⚽️ "දුලෝවා" (ඇතුලට එන්න)
💙"" අන්යොංහසේයෝ..
නනන් රුකී ඉම්නිදා ..
මම දෙකට නැමිල කිව්වා.
⚽️ අන්යෝං.. කියල පටන් ගත්ත කතාව මහා විස්තරයකින් පස්සේ ඉවර කළා.

එතනට මාව අවශ්‍ය උනේ multitasking employee කෙනෙක් විදිහට . දොංදේමන් සුපර්මාකට් කියන්නෙ විසිහතර පැය පුරාම විවෘත, හැම දෙයක්ම තියෙන සෝල් වල විශාලතම ෂොපිං කම්ප්ලෙක්ස් එකක්.

මට තෝරාගැනීමක් කරන්න උනා මම වැඩකරන වෙලාව දවල්ද රෑ ද කියන එක. මගේ හීන සැබෑ කරගන්නනම් ලොකු ආදායමක් හරිම වැදගත්. ඒ නිසා නයිට් ෂිෆ්ට් එක භාරගන්න අදහස් කලේ දවල් කාලයේ තවත් පාට් ටයිම් මොකක් හරි පොඩි දෙයක් හරි කරන්න පුළුවන් වේවි කියලා හිතපු නිසා.

මෙනිජශී (manager) ගෙ කැබින් එකට එහා පැත්තේ හිටියේ සෙකට්රි. ලස්සන ඔන්නි කෙනෙක්. එයා මාව ඔෆිස්, ස්ටෝස්, ෂෝ රූම්, කොෆී ෂොප් ඩිරෙක්ට ඔෆිස් කොටින්ම කියනවා නම් කැෆේ එක, වොෂ් රූම්.. ඔය හැමතැනම පෙන්නන්න එක්ක ගියා.
ආයෙත් ඔෆිස් එකට එනකොට පිටකොන්දෙ දුනු බැහැල. ඇයි ඉතින් හම්බවෙන හම්බවෙන මනුස්සයා ඉස්සරහ නැමෙනවා දිගෑරෙනවා... ආ..හ්...අන්තිමට නිකන්ම වැනෙනවා.
අනේ මංදා... වැඩ්ඩ වගේ ජොබ් කරන්න ආවට පුළුවන් වේවිද කියලා. ආචාර කෙරිල්ලම පණ යන වැඩක්.

Love is GoneWhere stories live. Discover now