chapter 19

60 15 0
                                    

🙍‍♂️"කොච්චර කිව්වත් මතක නෑ නේ දොර ලොක් කරගෙන ඉන්න කියලා"

එහෙම කියාගෙන කෙවින් ඔප්පා කෙලින්ම ආවෙ බැල්කනියට. අතේ තඩි මග් එකක්.

💙"ඉතින් ඇයි දැන් ලොක් කලේ. දැන් ඔයත් ඉන්නවනෙ?"

🙍‍♂️"ඇයි? දොර වහගෙන මාත් එක්ක ඉන්න බයද?

💙"හ්ම්....... "

🙍‍♂️" ම්.... ඒකත් එහෙමද? මං යන්නද එහෙනම්"

💙"නෑ.. ඉතිං..... ඔයා ඉන්නවනම් ඉන්න....... මොකද මං කිව්වෙ මං ගැන නෙමෙයි. ඔයා ගැන බයයි කියලා. මමනම් වග කියන්නෙ නෑ ඔන්න මොනව හරි වුනොත් " මං හිනාවෙවී කිවිවම ඔප්පගෙ අඳුරු වුණ මූණ එළිය වුණා.

🙍‍♂️"අප්පට සිරි... අනේ... අනේ... ප්ලීස්... එහෙනම් මොනව හරි කරනවකෝ ආ....හ්"

මගේ ළඟට පාත් වෙලා කටහඬත් වෙනස් කරගෙන එහෙම කිව්වෙ ජෝකර් කෙනෙක් වගේ. මේ කෝලම් වලට හිනා නොවී ඉන්නෙ කොහොමද අනේ. දෙන්නත් එක්ක හොඳටම හිනා වුනා.

🙍‍♂️"ඔන්න ඔහොම හිනා වෙලා හිටපන්කො. කොයි වෙලාවෙත් නයා මැරිච්ච අහිගුණ්ඨිකය වගේ ඉන්නැතුව. දැක්කත් බඩ පිරෙනවා"

💙"ම්.... එහෙනම් මෙහෙම වැඩක් කරමු. මම හිනාවෙලා ඉන්නං. ඔයා ෆොටෝ එකක් ගන්න. අපි බිත්තියේ ගහමු. කෑමට යන වියදම සම්පූර්ණයෙන්ම ඉතුරුයි. කොහොමද ටිකිරි මොළේ?"

🙍‍♂️"ආ... මේ සල්ලි ඉතුරු කරන්නද අද නොකා හිටියෙ. වේල් දෙකකටම කට්ලට් බාගයක් විතරයි. ඔයාව මැරි කලානම් මටත් කෝටිපතියෙක් වෙන්න තිබුණා නේ"

එයා කිව්වේ විහිලුවට උනාට ඒ එක වචනෙට මාව මොකක්ද වෙලා ගියා. "ඔයාව මැරි කලානම්..." අනේ මන්දා. මට මේ මොනවද වෙලා තියෙන්නේ. මොනවද මම හිතන්නෙ. එයාම කිව්වනෙ එයාට කෙල්ලෙක් ඉන්නවා කියල. ඒත් මෙයා ඉන්න විදිහට මට හිතුනෙම ඒක බොරු කියල. බලමු ටෙස්ට් කරලා. මං හිතන්නේ මම බලාපොරොත්තු වුනේ එහෙම කෙනෙක් නෑ කියයි කියලා.

💙"අම්මෝ නොකා හිටිය වගේ නෙමෙයි මට ගුටි කාලා මැරෙන්න වෙයි ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන්"

🙍‍♂️"අපෝ... එයා එහෙම නෑ"

මට ඒ උත්තරෙන් සෑහීමකට පත්වෙන්න බැරි වුනා.

Love is GoneWhere stories live. Discover now