Chapter 27

59 16 0
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

යාආආආආ....හ්..යා. නසරානි වැම්පයරයා....... උදේ එළිවෙනකොටම සෝ මින් හොයාගෙන යන්න වගේ හදන්නේ. ඔය දරහැව මෙච්චර කාලයක් කොහේ හිටියද මන්දා. සෝ මින්.. මට තනියෙන් අහුවෙයන්කො. නැට්ටිච්චි.. පට්ට ගහල කොට්ට මහන්නෙ.

මම ඉක්මනට ලෑස්ති වුනේ ඔෆිස් යන්න කලින් ඔය උරචක්කරමාලෙගෙ රෙස්ටුරන්ට් එක පැත්තටත් ගිහින් යන්න හිතාගෙන. ඒ අස්සේ කුකී ඇවිත් දොරට ගගහා දොර කඩන්න හදනව. දොර ඇරපු ගමන් කුකියා ඇතුලට ආව නෙමෙයි පැන්නා.

👨‍🌾"ලූගී ප්‍රශ්නයක් නෑ නේද? මං කිව්වෙ ඔයා හොඳින් නේ?"

💙"ඔව්... ඇයි එහෙම ඇහුවේ. ?"

👨‍🌾"නෑ ......... නෑ... මේ.... ම.... මං මේ බැලුවෙ වෙනදට මෙච්චර උදෙන් ඔයා යන්නෙ නෑනෙ. "

💙"කුකී.... කෙවින් ඔප්පා කෝ. එයා ගියාද උදේම අර,,,?'

👨‍🌾"මටත් තේරෙන්නෙ නෑ මොනවද මේ වෙන්නේ කියල.

ඊයෙ අඬ අඬා බැන්නා.. බැන බැන ඇඬුවා.. අද උදේ තනියමත් හිනා වෙනවා...... දැන් මම මූට කෝල් කලා. ඒ වෙද්දි සම්පූර්ණයෙන්ම නෝමල්.
හැබැයි මගෙ රූම් එකට ආවෙත් ටවල් එක පිටින්. එහෙමම හිනාවෙවී බෙඩ් එකට පැනලා කොට්ටෙකුත් බදාගෙන ආපහු නිදි. කෙවින් මාර වෙනස් දැන්. නොකියන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා."

💙"එතකොට ඔයාද දැන් එයාට කෝල් කලේ?;

👨‍🌾" ඔ... ව්. ඇයි?"

💙"ආ... නෑ... නෑ..... නිකං ඇහුවෙ "

එහෙනම් අන්තිමට සෝ මින් ගගා කියෙව්වෙ මොකද?ඊඊඊඊඊව්ව්ව්ව්...... ෂිට්..කුකී හොට් කිව්වට කුකී ට කිස් එකක් දුන්න කිව්වට මෙච්චර ලොකු පනිෂ්මන්ට් එකක්. හෝතම්බුවා..

👨‍🌾"ම්... තව පොඩ්ඩෙන් කියන්න ආපු දේත් අමතක වෙනවා. ඔයාගේ ෆෝන් එක ඕෆ් ද? "

යා... දැනුයි මතක් උනේ. ඊයෙ මගෙ බේබි ඇහැරෙයි කියලා ෆෝන් එක ඕෆ් කලා නෙ.

💙"ඕ.... ඒක මම ඕෆ් කලාද කොහෙද. ඇයි ඔයා මගෙ එකටත් ගත්තද?"

👨‍🌾"රෑ කී සැරයක් මම ගත්තද ඔයාට? අන්තිමට මට එන්න තරම් හිතුනා මොනා වෙලාද බලන්න. ඒත් ඉතින් ඔයා කිව්වනෙ ඔයාට මැනේජ් කරගන්න පුලුවන් කියලා. අනික ඉන්නෙ කෙවිනා එක්ක නිසා මං ආවෙ නැත්තෙ."

Love is GoneOù les histoires vivent. Découvrez maintenant