Chapter 24

56 16 0
                                    


...............................................

ඔයා දන්නවද කෙවින් ? මගේ අම්මා මාව සදහටම තනි කරල යන්න ගියපු දවසෙ දැනුණ දුකට දෙවෙනි නෑ අද මට දැනෙන දුක.

තනිකමට හුරු වෙලා හිටපු මට තනිකම අමතක කරවපු ඔයා.... 💗💗හුස්මක් වගේ මගේ ළඟින් හිටපු ඔයා..❤❤ මගේ දුක පපුවට වඩා තේරුම් ගත්ත ඔයා.🤍🤍🤍.. අම්ම තාත්ත වගේ මට ආදරේ දීපු ඔයා...❤❤❤ මට වඩා මං ගැන හිතපු ඔයා.......😒😒. ඔයාට පුළුවන්ද අද මෙහෙම කරන්න....😪😪 ඒත් ඇයි... මම ඔයාට මොනවද කලේ....😶😶 හරි .. ඔයාට වදයක් නම් මං ඈතින් ඉන්නම්. 😒😒ඕනම නම් නොපෙනිම යන්නම්..😕😕 ඒ ඔයා සතුටින් ඉන්නවා නම් විතරයි. ඒත් දැන් ඔයත් දුකින්.. නැත්නම් තරහින්. ඔයාට මගේ මූණ බලන්න බැරි තරම්ම මාව එපා වුනාද?? 😭😭😭😭ඒ තරමටම..😭😭😭😭😭😭

කවදාවත් මාව දාල නොගිය ඔයා අද මාව දාල ගියා. මම ඔයා නැතුව යන්නෙ කොහොමද කියල හිතුනෙ නැද්ද. ඔයාට මතකද කෙවින් මම රස්සාවට ගිය මුල්ම දවස?

"තනියම නොදන්න රටක, නොදන්න පාරවල් ගානේ ඇවිදින්නේ, තමුන් මහ ලොකු චන්ඩියෙක් කියලද හිතාගෙන ඉන්නෙ. දන්නවද මම කොච්චර බය වුනාද කියලා."

"අනිත් එක ඔයා තවම පොඩියි. අනික ගෑණු ළමයෙක්. මීට වඩා දෙයක් කරනකොට දෙපාරක් හිතන්න පුරුදු වෙන්න. "

මේව කිව්වේ වෙන කෙනෙක් ද? ඒ කෙවින් කෝ අද? ඒ බය දැන් නැද්ද මැණික?

ඔව්... මට අමතක වුණා... ස්තුතියි ඔයාට මතක් කරල දුන්නට... ඔයා මට අයිති නෑ කියල දැන දැනත් මම ඔයත් එක්ක එකට යන්න හීන දැක්ක. ඒත් කවද හරි දවසක ඔයා ඔයාගේ ගමන වෙන කෙනෙක් එක්ක යන්න යාවි.
මම මගේ පාරෙ තනියම....

මං හිතන්නේ පැය දෙකක් විතර මම වොෂ් රූම් එකේ කණ්ණාඩියත් එක්ක කතා කරන්න ඇති. අඬල අඬල හිත හදාගන්න උත්සාහ කලත් ගලන කඳුළු නවත්තන්න මට බැරි වුණා. මේ ලෝකෙ මං තනි වුණා වගේ හැඟීමක් මට දැනුණේ.

මම මගේ හිතට සිය දහස් වතාවක් තේරුම් කලා මේ පිළිගන්න අකමැති ඇත්ත කතාව. කවදා හරි මට මේ තනිකම උරුම බව.

හවස සුපර්මාකට් එකේ වැඩට යන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ. මම දිග සුදු පාට ගවුම ඇඳල එදා කෙවින් ඔප්පා මට දීපු එයාගෙ සුවඳ තැවරුණු ජැකට් එක උඩින් දාගත්තා. ෆෝන් එකත් සාක්කුවට දාගත්තෙ හවසට මාව ඔෆිස් ගෙනියන්න හරි ඔප්පා එයි කියල බලාපොරොත්තු වුන නිසා.

Love is GoneWhere stories live. Discover now