Chapter 36

56 13 0
                                    

LOVE IS GONE

පෙර කොටසට

Chap. 36

(මෙය ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සළකන්න )
❤❤❤❤❤❤❤❤❤❤❤❤

මට හරි මහන්සියක් දැනුනා. ඔලුව ත් බරයි. කරකැවිල්ල වගේ. වමනෙත් යන්න එනව. ඇඟටත් පණ නෑ.. බඩවැල් ගැලවිලා කටින් එලියට යන්න එනව වගේ දැනුනා. මං එහෙමම කුකීගෙ ඇඟට බර වුනා විතරයි මට මතක.
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

අම්මෝ... මගේ ඔලුව.. පුපුරන්න වගේ.. ඇස් දෙක ඇරගන්නත් බෑ. ඇඟටත් පණ නෑ. පොලීසියෙන් ගුටි කාල වගේ මුළු ඇඟම රිදෙනව. ඇයි මේ. මොනවද වුණේ. මොකුත් මතක නෑ.

යා..හ්. මොකද්ද මේ ඇඳුම..මං කොයි වෙලාවෙද ඇඳට ආවෙ. බෙඩ් ෂීට් එක තියෙන විදියටනම් ඇඳ උඩ රෙස්ලින් ගේම් එකක් වත් ගිහින් වගේ පේන්නෙ. ඒ තරමට වැනසිලා.. මම වොෂ් රූම් එකට ගිහින් කොච්චර වෙලාවක් ෂවර් එක යටට වෙලා හිටියද මන්දා. ඒත් ඇත්තටම වෙච්ච කිසිම දෙයක් මතක නැහැ. ඇයි ඒ..?

ඊයෙ අර තුන් දෙනා ගාඩ්න් එකේ කතා කර කර හිටියා. මමත් එතනට ගියා. ඊට පස්සේ කට්ටියම සින්දු කිව්වා.

ඊ ළඟට.. එදා කෙවින් කියපු සින්දුවෙ මතකෙත් එක්ක කුකී මාව රිද්දන්න පුළුවන් උපරිමය රිද්දූවා. මං දන්නවා එයා ඒක කලේ කෙවින් දීපු පොරොන්දු අද වෙද්දි බිඳිලා බව මට තේරුම් කරන්න. මට තේරෙනව එයත් මම දුක් වෙන එක ගැන හිත කරදරෙන් ඉන්න බව.

ඒත් මොනවා කරන්නද... කෙවින් කියන්නේ මකන්න පුළුවන් ආදරයක් නෙමෙයි. කෙවින් කියන්නේ මගෙ ජීවිතේට. මගෙ පපුව ඇතුලෙ ගැහෙන පණ ටිකට කියන නම කෙවින්. මට ඒ දැනුන වේදනාවට, ආවේගෙට එතන තිබුන මොනව හරි අරගෙන බිව්ව මතකයි.

ඊ ළඟට කුකී මගෙ කණට කරල කිව්වේ At my worst සින්දුව. ඒකෙන් එයා මට වෙනමම කතාවක් කිව්වෙ. මේ වෙද්දි කුකී හොඳටම දන්නවා මගේ හිතත් එක්ක කතා කරන්න පුළුවන් ජාත්‍යන්තර භාෂාව මියුසික් කියන එක. මොකද මම සින්දුවක් අහද්දි ඒකෙ දැනෙන රසයට අමතරව ඒකෙ අදහසත් එක්ක වෙනමම ලෝකෙක ජීවත් වෙන්නෙ. ඒ ෆීල් එක මොන වගේද කියලා වචනෙන් විස්තර කරන්න බෑ.

"Can I call you baby?
Can you be my friend?
Can you be my lover up until the very end?
Let me show you love, oh, I don't pretend
Stick by my side even when the world is givin' in, yeah

Love is GoneWhere stories live. Discover now