Chapter 17

75 16 8
                                    


------------------------------------------------

විනාඩි විස්සකට විසි පහකට විතර පස්සෙ එළියෙන් දොර ඇරුනා. කෙවින් ඔප්පගෙ අතේ තිබුනු බෑග් එකෙන් ජැකට් එකක් අරගෙන මට දික් කලා.

🙍‍♂️" ඒ frock එක ඇත්තටම හරිම ලස්සනයි ඔයාට. ඒත් ඔයා ඒක අඳින්න කැමති නැති එක ගැන මට සතුටුයි. ඉතින් ඇයි ඒක කිව්වේ නැත්තෙ. අඩුම ගානේ මටවත්.... තවමත් මට කියන්න බැරි දේවල් ඔයාට තියෙනව කියන්නෙ තාම මාව ඔයාගේ හොඳ යාළුවෙක් කියලා පිළිගත්තෙ නෑ කියන එකද? නැත්නම් ඔයාට මාව විශ්වාස නෑ කියන එකද? කොහොමද මම හිතාගන්න ඕන? ම්..... කියන්න බබා. ඒක මට දැනගන්නම ඕන."

මම එයාගෙ ඇස් දෙක දිහා බැලුවා. අහ්.. මගේ ලෙඩක්ද මන්දා. මෙච්චර එයාම කියනව යාළුකම විතරයි තියෙන්නෙ කියල. ඒත් මට ඒ ඇස් වල පතුලටම කිමිදිලා බැලුවත් ආදරයයි ආරක්ෂාවයි ඇර වෙන කිසිම දෙයක් පේන්නෙ නෑ.

💙"ඔයා තරම් මට මාවවත් විශ්වාස නෑ ඔප්පා"
මම කිව්වා නෙමෙයි, කියවුනා. අත් දෙකෙන්ම කටත් වහගත්තත් එතකොට වචනෙ පැනල ඉවරයි.

ඊළඟ මොහොතේ ඒ මුහුණෙ තිබුණෙ හරිම සැනසිලිදායක නිවුණ හරි ලස්සන හිනාවක්. මට දැනුණේ බෝ මළුවක ඉන්නකොට දැනෙන පහන් බවක්.

🙍‍♂️"හ්ම්... ආයෙ මොනවත්ම මේ වගේ හංගගෙන හිතේ තියාගෙන ඉන්න එපා. ඕනම දෙයක් මට කියන්න දෙපාරක් හිතන්න එපා. මම ඉන්නවා."

"මේක තේරුම් ගන්න රුකී. මං ඔයාගෙන් යාළුකම විතරමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒ ඇති. ඔයා අකමැති දේවල් අනුන් වෙනුවෙන් කරන එක නවත්තන්න."

"ආ... මේ ජැකට් එක ඒකට උඩින් දාගන්න. ලස්සනට තියේවි ."

ඒක ඇන්දට පස්සේ හිත ගත දෙකම නිදහස් වුණා.

🙍‍♂️"අපි යමුද?"
" ආ... මීට පස්සේ අර අද උදේ වගේ මොන්ටිසෝරි වැඩ කරන්න එපා හරිද? ඒකට නම් සමාවක් නෑ."

අපි එනකොට නැනා මග බලාගෙන හිටියා.

👵"එන්න, එන්න. කෝ බලමු. ෂා ලස්සනයි. මේ ජැකට් එකෙන් තව එළියක් ඇවිල්ල. ඒකට හොඳට මැචින්. මේක කොහෙන්ද?"

💙"ඔප්පා දුන්නෙ ආච්චි "

👵"ම්.... කෙවා බබාගෙ ෆැෂන් කොහොමත් හරි ලස්සනයි. ඔයාටත් ඉගෙනගත්තනම් වටිනව."

Love is GoneWhere stories live. Discover now