Chapter 39

56 11 0
                                    

ඒ විදිහට ඒ කටයුතු ඉවර වෙද්දි ඊ ළඟට නැකත තිබුණෙ පෝරුවේ චාරිත්‍ර වලට.

ඊට කලින් එතනට ආපු අමුත්තාගේ හැසිරීමත් එක්ක ආයෙත් මම මුහුණ දුන්නෙ ටිකක් අසීරු තත්ත්වයකට. ඕනම අසීරු අවස්ථාවක මටත් දැන් මගේ හස්බන්ඩ් ඉන්නවා කියන්නෙ ලොකුම ලොකු හයියක්. දැන් මම තනි වෙලා නෑ. ඒත් මේ වෙලාවේ නම් කෙවින් ටත් මගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් ද කියල සැකයි.

හොඳින් හැඳ පැළඳගත් යුවල අපි ළඟටම ඇවිත් හිටගත්තෙ මගේ වගේම කෙවින් ගෙත් මූණු දිහා කෙලින්ම මාරුවෙන් මාරුවට බලමින්. කිසිම තෙත් බවක් ඒ මුහුණේ තිබුණෙ නැහැ.

"තමුන්ලට උවමනා දේ කෙරුන නේද? දැන් හරිද ඔක්කොම??"

💙"චුම්මා..!"

මං කවදාවත් චුම්මා මෙහෙම ඉන්නව දැකල නෑ.

"චුම්මා? මොන චුම්මෙක්ද?? මං කොහොමද තමුන්ගෙ චුම්මා වුණේ???"

මට කතා කරගන්න බැරි වුණා. මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියල. සම්චොන් ව කුකී ඇවිත් එහාට එක්ක ගියා.

"ඔම්මා, අප්පා නැහැ කියල හිතාගෙන ද වැඩ කරන්නෙ? දැන් සෝ මින් කෝ කියල බැලුවද? පව්... අහිංසක කෙල්ල. දරුව කොහෙද? මෙයා මෙතන වෙන සෙල්ලම්. "

🙎‍♂️"වේ... ඔම්මා... වේ.. හන්සි කිව්වා ඔම්මට හැමදේම කිව්වා කියල. මට තිබුණ ප්‍රශ්න නිසා ඔම්මට වත් අප්පට වත් ඩිරෙක්ට් කෝල් ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. හන්සි කිව්වා ඔම්මා දන්නවා කියල."

එහෙම කියද්දී හන්සි හොර පූසෙක් වගේ බිම බලාගෙන හිටියා. මට තේරෙන්නේ නෑ මොකක්ද මේ වෙන්නෙ කියල. චුම්මා ඊ ළඟට ඇස් ලොකු කරල බැලුවෙ මගේ දිහා. මම හෙමින් කෙවින් ගෙ පිටිපස්සට වෙද්දි, කෙවින් එයාගෙ ඇඟිලි අතරෙ මගේ ඇඟිලි හිරකරගත්තෙ බය වෙන්න එපා කියන්න වගේ.

"රුකී. දැන් තමුන්ට මේකද ඕන වුනේ? කතා කරන්න. මට දැනගන්න ඕන. ඔයා මගේ ගෙදරට ආවෙ මගෙ කොල්ලව අයිති කර ගන්නද කියල. කියන්න, මං තමුන්ට කවදාවත් වෙනස් කමක් කරල තියෙනවද?"

මම නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුව. ඒ වෙද්දිත් මගේ ඇස් කඳුලු වලින් වැහිලයි තිබුණෙ.

Love is GoneWhere stories live. Discover now