Chapter 45

53 11 0
                                    

කිව්ව.

අපිට පහලින් කුට්ටි වගේ තිබුණ මීදුම අතරින් කලු දුමක් මතුවෙද්දි මගේ ජීවිතේම කලු දුමාරයකින් වැහිල ගියා. 😭😭😭

########################
මට හොඳ සිහියෙන් ඉන්න බැරි වුණා. වේදනාව ළඟදි කඳුළු එන එක කොල්ලෙක් වුණ පලියට නවත්තන්න බැහැ. මට නවත්තන්න ඕන කමකුත් නෑ.

ඇයි මේ කෙල්ල අපේ ජීවිත බේරලා තනියම ඒ දේට මුහුණ දුන්නෙ. රුකී... අපි හැමදේම.. දුක සැප.. හැමදේම බෙදාගන්න පොරොන්දු වුනා නේද? ඇයි ඔයා ඔය වගේ වේදනාවක් තනියම භාරගෙන මේ තරම් දුකක් මට දුන්නෙ. ඇයි මට ඔයා ළඟ ඉන්න නොදුන්නේ. ඇයී මගේ ජීවිතේ, මගේ පණ උදුරගෙන යන්න ගියේ..? ජීවිතේ එකම එක දවසකට විතරමද මගේ වුණේ.

මං ඔයාට පොරොන්දු වුනා මගේ ජීවිතේ තියෙනකන් ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ කියල. මං දන්නව.. ඔයාටත් බෑ මාව දාල යන්න.. මොනවද ඔයා අර ඊයෙ රෑ කිව්වෙ.. මැරෙන කතා .. ඔයාට මොනව හරි දැනුනද... රුකී නැත්නම් කෙවින් කෙනෙක් කොහෙද ? මාව දාල ඔයාට යන්න බෑ මැණික.. මං එනවා.. ඔයා ඉන්නෙ කොහෙද කියන්න.

කුකී මා එක්කම හිටියා. මම කීප සැරයක්ම හෙල පැත්තට යන්න හැදුවා. මැරෙන්න නෙමෙයි. ඔයාව හොයාගෙන එක්ක එන්න. මට ඌ යන්න දුන්නෙ නෑ.. අන්තිමට මම මගේ යාළුවා එක්කත් රණ්ඩු වුණා.

🙎‍♂️"යා.. කුකියා.. මට යන්න දීපන්.. මාව අතෑරපන්.. මගේ කෙල්ලට සීතල ඇති. මේ බලපන්.. වහිනවත් එක්ක.. මම ගිහින් එක්ක එන්නම්.. "

"උඹගෙ නංගි කිව්ව නේද එයා? එයාගෙ අයිය උඹ විතරයි කිව්ව නේද? දැන් ඒව වෙනස් වෙලාද?? දැන් එයා ගැන අමතකද? "

👨‍🌾"මට තේරෙනවා කෙවින්.. ඒත් මේ වෙලාවේ මගේ නංගි මදිවට උඹවත් නැති කරගන්න මට බෑ."

" පොලිසිය ගමේ මිනිස්සු එක්ක පහලින් හොයන්න පටන් අරගෙන තියෙන්නේ. ඉක්මනට රුකීව හම්බ වෙයි"

"රුකීට බෑ උඹව දාල යන්න. මං හොඳටම දන්නවා ඒක. ඒ කෙල්ල මැරිල වගේ ජීවත් වුනේ උඹගෙන් ඈත් වෙලා හිටපු කාලෙ. දැන් කීයටවත් කෙල්ල පණටත් වඩා වටින ආදරේ අතාරින්නෙ නෑ බන්. හිත හයිය කරගනින්.. රුකී වෙනුවෙන්"

🙎‍♂️"ඔව්.. මං දන්නවා. ඒකයි මට මගේ රුකීව හොයන්න යන්න දෙන්න කියන්නෙ"

Love is GoneWhere stories live. Discover now