Chapter 44

48 11 1
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤

ජිමින් ගෙ මූණෙ තිබ්බ නපුරු පාට යන්තම් හරි අඩු වුනේ දැන් තමයි.

හැමෝම බ්රෙක්ෆස්ට් අරගෙන නුවර එළි යන්න රෙඩි උණා.

වෙඩින් කාර් එකක් විදියට සරසපු කාර් එකක් අපිට ඉස්සරහින් ගියා. ඒත් අපි ගියේ ඊට පිටිපස්සෙ වෑන් එකක. අනිත් කට්ටිය තවත් වෑන් එකක. ටිකක් දුර යද්දිම මට තද නිදිමතක් දැනුනෙ ඊයෙ මුළු රෑම නිදි නැති නිසා වෙන්න ඇති. කෙවින් ගෙ උරහිස මට සුවපහසු ඇඳක් වුණා. කෙවින් ගෙ දිග ඇඟිලිමගේ කොණ්ඩෙ අතරෙ රටාවකට එහෙ මෙහෙ දුවද්දි දැනෙන සනීපෙ....

කවුරු හරි කෙනෙක් මාව ඇදල දාල කෙවින් ව අරගෙන යන්නයි හැදුවෙ. මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. කෙවින් ව හයියෙන් බදාගත්තා. එයාව ගෙනියන්න දුන්නෙම නෑ. වාහනේ දුමකින් පිරුණා. ඒත්.. ඒත්.. ඊ ළඟ මොහොතේ කෙවින් මගේ ළඟ හිටියේ නෑ.

😱😱😱😱😱😱😱😱😱😱😱😱

මට තද සීතලක් දැනුණා. අමාරුවෙන් ඇස් දෙක ඇරල බලද්දි කෙවින් ගෙ හිනාවෙන ඇස් මගේ ඉස්සරහ. යා... ඒක හීනයක්.. ඒත් මගේ බය නම් දෙගුණ තෙගුණ වුණා.. මම කෙවින් ව තදින් බදාගත්තා. මම දන්නෑ ඇයි කියලා මට හිතුනේ ඒක හීනයක් නෙමෙයි කියලමයි..

🙎‍♂️"අම්මෝ.. කෙල්ල ගෙ කටේ සද්දෙ. මගේ කන තාම කීං කීං ගානවා. ඔයා බය වුණාද මැණික?

💙"ඔප්පා.. අපිත් කුකීලගෙ වෑන් එකට යමු. ප්ලීස්.. මට බයයි."

🙎‍♂️"ඒකෙ ඉඩ මදිනේ.
ම්... මෙහෙම කරමු. අපි කුකීටත් මේකට එන්න කියමු. කමක් නෑ නෙ."

කුකී ඔප්පත් ඉන්නකොට මට ටිකක් විතර බය අඩු වුණත් මොකක්දෝ අමුතු හැඟීමක් මගේ හිත පුරා හොල්මන් කලා. මට බය තිබුණෙ කෙවින් ඔප්පා ගැන. නැනා කොරියා වලින් පිට ගිහින් කියන්නෙ කොහේ ඉන්නවද දන්නේ නෑ. ඩෙකරේට් කරපු කාර් එක වෙනම යද්දි ඇයි අපි වෑන් එකක යන්නෙ. කෙවින් නම් කියන්නේ වැඩි ආරක්ෂාවට කියලා. මට තේරෙන්නේ නෑ.

කොහොම උනත් ඊට පස්සේ මට හිතේ බය ටිකක් අඩු වුණා
කෙවින් එක්ක කුකීත් ඉන්න නිසා. ඒ වුනාට නින්ද නම් අහලකටවත් ආවෙ නෑ. මොන හේතුවද මන්දා මට කවදාවත් නැතුව තිබුණ ලොකුම රාජකාරිය වුනේ කෙවින් ඔප්පා එක්ක සෙල්ෆි ගහන එක. කෙවින් ඔප්පගෙ ෆෝන් එකේ ගැලරිය පුරවන එකම තමයි කලේ.

Love is GoneWhere stories live. Discover now