Chapter 33

52 15 2
                                    

LOVE IS GONE

පෙර කොටසට
https://m.facebook.com/groups/1324797047869747/permalink/1418556608493790/

Chap. 33

(මෙය ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සළකන්න )
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ පිටිපස්සෙන් වාහනයක් එන හඬ ඇහුනත් ඉදිරියෙන් ආපු වාහනේ එළියට ගිණිකණ වැටිලා හිටියා වගේම මොනවද වෙන්නේ කියල පැහැදිලි අදහසක් මගේ මොළේ ට දැනුනෙ නෑ. කන් හිරි වැටෙන බ්රේක් සද්දෙ ත් එක්ක වෑන් එකක් කකුල් දෙක ළඟ නවත්තලා මාව ඇතුළට ඇදගත්තා...

💔💔💔💔💔💔💔💔💔💔💔💔

මට ඒකෙ හිටියෙ කවුද? මොකද වෙන්නෙ ඔය වගේ කිසිම ප්‍රශ්නයක් මතු වුනේ නෑ. මට දැනුනේ මාව ප්‍රාණය නිරුද්ධ සිරුරක් විදිහට විතරයි. මට මොන දෙයක් සිද්ධ වුනත් ඒක ලොකු දෙයක් නෙමෙයි. වෙන්න පුළුවන් උපරිමය සිද්ධ වෙලා ඉවරයි කියලයි මට හිතුනේ. දුක වේදනාව තරහ දැනෙන්න හිතක් තිබුණෙ නෑ මා ළඟ.

වෙලාවක් කාලයක් ගැන අදහසක් තිබුණෙම නෑ මට. වෑන් එක ගිහින් කොහෙදෝ තැනක නැවැත්තුවා. කෙනෙක් මගේ අතකින් අල්ලගෙන මාව එක්කන් ගියා. කොහෙද යන්නෙ මොනවද වෙන්නෙ මට කල්පනාවක් තිබුණෙ නෑ. දැනගන්න උවමනාවක් තිබුණෙත් නෑ. මගේ ඇස් දෙක ඉස්සරහා මැවි මැවී පෙනුණෙ සෝ මින්ගෙ අඬා වැටෙන මූණ, නොකියූ ආත්මීය කතාවක් ලියවුනු කෙවින් ගෙ ඇස් දෙක, හිත පිළිනොගන්නා කෙවින් කියපු දේවල් කන් දෙකේ නොනවත්වා දෝංකාර දුන්නා. ගතම නිවා සැනසූ කෙවින් ගෙ පහස උණුසුම සිහිවෙලා මූසල තනිකමක් සීතලක් පාළුවක් දැනුණා.

මගේ ළඟ ඉන්න කෙනා මගෙන් මොනව හරි ඇහුවා. කීප වතාවක්ම. මගේ ඇස් ඉස්සරහට එබිල මොනවද කිව්වා. මට ඒ කිසි දෙයක් ඇහුනට වැටහුනේ නැහැ. මට පෙනුනට තේරුණේ නැහැ. මට ඒ වෙලාවෙ නම් හිතුනා මට පිස්සු හැදිලා කියලා. මං කොච්චර උත්සාහ කලත් එයා කියන දේවල් මට තේරුම් ගන්න අමාරු වුනා. ඊට උඩින් මට ඇහුණෙ පෙනුනෙ අද වෙච්ච සිදුවීම. මට කියන්න දේවල් තිබුනත්, මගෙ තත්වය පැහැදිලි කරන්න ඕන වුනත් මට ඒකට වචන හොයාගන්න බැරි වුණා."

මට කෙවින් කියපු දේවල් එකින් එක මතක් වුනා. මට දැනුනේ මම මේ ලෝකෙන් මිදිලා ආත්මය විතරක් සැරිසරනවා වගේ.

Love is GoneWhere stories live. Discover now