Chapter 29

51 13 0
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඊට කලින් මං ටේගෙ අත ගසල දාල පැනල ෂිහාව අල්ලගත්තා. හෙමීට පුටුවෙන් වාඩි කලා. ටේ ගිහින් වතුර එකක් ගෙනත් මූණට ඉස්සා. ඊට පස්සේ තමයි කෙල්ල ඇස් පිල්ලම් ගහල වට පිට බැලූවෙ. සෙට් එකම ඉන්නවනෙ. ආයෙත් හොරෙන් වගේ ටේ දිහා බලලා මගේ උරහිසේ මූණ හංගගෙන උඩ පැන පැන කට තද කරගෙන හූ කිව්වා. ප්‍රෙෂර් අඩු වුනාට පස්සේ හිනා වෙනව නන්ස්ටොප්. ඕක බලාගෙන හිටපු ජින් ඔප්පයි ජිමින් ඔප්පයි අත්වැල් හිනාවෙන් සහයෝගය දුන්නා.

-----------------------

පව් දෙයියෝ... කෙල්ල ගේ සුදූ මූණ රතු වෙලා. කම්මුල් දිලිසෙනව. ඇස් වලින් කඳුළුත් පැනලා. කොච්චර හිනා වුනාද කිව්වොත් හුස්ම ගන්නෙත් හති දදා අමාරුවෙන්.

අනේ ඉතින් අපේ ටේ සොම්බියා නේ. ඔලුවත් ඇල කරන් ෂිහා ගෙ දිහා ඔහේ බලන් ඉන්නවා. ඒ මූණ හිස් කඩදාසියක්.

ඔක්කොම හිටියට කුකී නෑ. කෙවින් ඔප්පා ඇවිත් එයාගෙ ෆෝන් එක මට දීලා, කුකී ට කතා කරන්න කිව්වේ එයා ටිකක් බිසී නිසා. මට ඒ වගේ වෙලාවට දැනෙන්නේ නෑ කෙවිනුයි මමයි දෙන්නෙක් කියල. එක පවුලක්, නැත්නම් එකම පුද්ගලයෙක් විදියට දැනෙන ඒ හැඟීමටත් මං ආදරේ කලා. ඔෆිස් එකේ උනත්, ගෙදර වුනත්, වෙන තැනකදි වුනත් කෙවින් ඔප්පව නියෝජනය වෙන දෙයක් එයා වෙනුවෙන් මට පැවරුවම මට දැනුණේ සතුටක්. ආඩම්බරයක්. ඒ තරම් මගේ හිත එයා එක්ක බැඳිලා. හෙටින් පස්සේ මම හන්සිටත් කියන්නම්කො.

ඒ එක්කම කුකී ත් ආවා. කට්ටිය එකතු වුනාට පස්සේ හැමෝගෙම ප්‍රශ්න අමතකයි. කුකියා මොනවද කියලා කට ඇරගෙන අප්පුඩි ගගහා හිනා වෙනවා. කෙවින් ඔප්පා කුකියගෙ කරටත් අත දාගෙන. ඒත් ඒ ඇස් දෙක නම් හිටපු ගමන් මේ පැත්තට දුවනව.

රෑටත් ඉන්දියන් කෑම ඕඩර් කරලා තිබුනේ. සර්ව් කරන්න අජුම්මා වත් නැති නිසා මමයි ෂිහා යි කෙවින් ඔප්පයි ඒක කරන්න පටන් ගත්තා. මම ටේබල් එක ඇරේන්ජ් කරද්දි කෙවින් ඔප්පා කෑම ටික ගෙනත් දුන්නා.

කට්ටියම කන්න පටන් ගත්තට පස්සෙත් කෙවින් කෑම කන පාටක් නෑ. මම ප්ලේට් එකකට තෝසෙ එකක් එක්ක සාම්බාරු (කෙවින් ගෙ ෆේවරිට්) දාගෙන ගිහින් දුන්නා. හරිම දුක් බර බැල්මකින් එයා මගේ දිහා බැලුවේ. මොහොතකට පස්සේ වේදනාකාරී හුස්මක් හෙළලා
කෙළින්ම මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඒ බැල්මේ මහ ගොඩාරියක් කතන්දර ලියවිලා තිබුණත් ඒ එකක් වත් කියවගන්න තරම් මගේ හිත සන්සුන් වෙලා තිබුණෙ නැහැ.

Love is GoneDove le storie prendono vita. Scoprilo ora