Chapter 35

50 13 2
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤

මගේ අතීත කතාව ඒ විදිහට ඉවර වෙද්දි වර්තමානයත් මටනම් එකම ඛේදවාචකයක්. කෙවින් නැති, අඩුම ආරංචියක් වත් නැති මේ ජීවිතය සොහොනක්.

මොන දේ වුනත් මගේ ජොබ් එකේ වගකීම් අකුරටම ඉටු කරන්න මම උපරිම උත්සාහ කලා. ඒ අතින් නම් මම සෑහෙන සාර්ථකයි. තවත් කම්පනි කීපයකින්ම මීටත් වඩා ලොකු offers ආවත් මම ඒව ගැනනම් හිතුවෙවත් නෑ. මගේ මහ ගෙදර වගේ දැනෙන්නෙ මෙතන. කෙවින් ගෙන් ලැබුණු තැන.

හවස ඕෆ් වුන ගමන් කෙලින්ම යන්නෙ flower shop එකට. මොනව වුනත් මම ආසයි එතනට. සමහර දවසට මම යන්න කලින් නැනා ගිහින් බලලා අවශ්‍යතාවයක් තිබුණොත් විතරයි මට කතා කරන්නෙ. නැනා කියන්නෙ ඕනවට වඩා මහන්සි වෙන්න එපා කියලා. මට බයයි මේ නැනාගෙ ආදරේ ගැන.

මම කුකීව මග අරින්න කොච්චර උත්සාහ කලත් පුළුවන් හැම වෙලාවෙම එයා මා එක්ක හිටියා. පාන්දර ජිම් යන්න කලින් සුපර්මාකට් එකෙන් මාව පික් කරන්න එනවා. එයාගෙ කෝස් එකට යද්දි මාවත් යුනි එකට අරගෙන ගියා. ඉස්සර තිබුණ මහන්සිය කාර්ය බහුල කම දැන් කොහෙද දන්නෑ.

අදත් හවස මම ෆ්ලවර් ෂොප් එකේ ඉන්නකොට කුකී ගෙ කාර් එක ආවා. මටත් ඕක අලුත් දෙයක් නෙමෙයි. සද්ද නැතුවම ඇවිත් කාර් එකට නැග්ගා. හිනා වෙන්න ඕනවට යන්තම් හිනා වුනා.

👨‍🌾"ලූගී... ඇයි ඔහොම ඉන්නෙ. ඔයාම නේද කියන්නෙ කිව්වෙ ඕනම ප්‍රශ්නෙකට උත්තරයක් තියෙනවා කියල. අපි කතා කරමු. ඇයි ඔයා මොනවත් නොකියන්නෙ. ඔයා තවදුරටත් හිතන්නෙ කෙව්නා ගැන නම් තේරුම් ගන්න ඒක ඵලක් නැති වැඩක් කියල. ඌ ඉන්න තත්වේ අනුව එයාට කරන්න පුළුවන් දේ ඌ කලේ.. බබෙක් ඉන්න තාත්තෙක් විදිහට එයාට අහක බලන්න බෑනෙ."

මට ඒ කතාවට ආපු ආවේගයත් එක්ක කුකී දිහා බැලුවෙ පුච්චල අලු කරන බැල්මක්.

💙"එතකොට බබ් ..."

"එතකොට බබෙක් නැති එකද මගේ අඩුව ..."මම කියන්න ගිය එක එහෙමම ගිලගත්තේ කියල වැඩක් නැති නිසා.

👨‍🌾"කියන්න ලූගී. ප්ලීස්. කතා කරන්න. හිතේ තියාගෙන ඉන්න එපා. බනින්න හිතෙනවනම් බනින්න. ඒත් කමක් නෑ. ඉස්සර අපිත් එක්ක හිටපු ලූගී ව අපිට ඕන."

Love is GoneWhere stories live. Discover now