CHAPTER 5❄

291 75 2
                                    

"නම්ජුන්!..." ජින් බලන් ඉදලා බැරිම තැන යුන්ගිටත් කෝල් එකක් දාලා දොර කඩන්න ලෑස්ති වෙද්දිම එලියට ආවෙ නම්ජුන්.තෙත බේරේන කොණ්ඩෙයි ශර්ට් එකයි කලිසමයි දිගේ බේරුනු වතුර එක්ක හැගීමක් නැති ඇස්වලින් නම්ජුන් ජින් දිහා බලන් හිටියා.

"තෑන්ක් ගෝඩ්! ඔයා හොදින්..." ජින් නම්ජුන්ව තදින් බදාගෙන ඇඩුවා.එයා ඇඩුවා නෙමේ....ඇඩුනා.

" ජූනි...ඒක උනා.දැන් ඔහොම කටවහන් ඉන්න එපා.මොනාහරි කියන්න..." නම්ජුන්ව දිගටම හොලවන ගමන් ජින් කතාකරද්දි සුදුමැලි නම්ජුන් ඒ පැත්තට මේ පැත්තට වැනුනා.වචනයක්වත් කතාකරගන්න බැරිතරම් මහන්සියකින් එයා හිටියෙ.

"හ්‍යු-න්ග්....................."අවසානෙ නම්ජුන් කතා කරන්න තීරණේ කලා.උගුර පිච්චිලා ඇග ඇතුලෙන්ම රත් වීගෙන ඇවිත් ඇස් බොද වෙද්දි නම්ජුන් ජින්ගේ උරහිසට බරදීලා කෑගහලා අඩන්න ගත්තා.

"අඩන්න නම්ජුනා.....උඹ අද ඇතිවෙනකන් අඩපන්......" නම්ජුන්ගේ තෙත කොණ්ඩ ගස් අතරින් දිග ඇගිලි යවන ගමන් ජින් නම්ජුන්ව පුලුවන් තරම් කම්ෆර්ට් කරන්න පිටට හෙමින් හෙමින් තට්ටු දැම්මා.මේ වෙලේ නම්ජුන්ගේ හිත හැදෙන්න කියන්න ඕනා මොනාද කියලා හිතාගන්න අමාරු උනත් නම්ජුන්ට හයියක් වෙන්න වගෙ ජින් නම්ජුන්ව තදින් වාරුකරගෙන හිටියා.


"උඹ ඔහොම අඩන්න ඕනා එකෙක් නෙමේ නම්ජුනා.................." ජින් එයාටම හෙමින් මුමුණ ගත්තා.


IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now