CHAPTER 33❄

185 59 0
                                    

කාලෙ ගෙවිලා ගියෙ බොහොම ඉක්මනට. නම්ජුන්...යුන්ගි ..... හොබී එයාලගෙ අවසන් වසරේ එක්සෑම්වලට පෙනී හිටියා.එකට යුනිවර්සිටි ගියා.ඒ වගේමයි නම්ජුන්ගෙයි යූරාගෙයි ආදර කතාවත් ලස්සනට ගලාගෙන ගිය.

ගත උනු අවුරුදු පහට ගොඩක් දේවල් වෙනස් උනා.අවුරුදු පහකට මොනාද වෙන්න බැරි?

ජින් එයාගෙම බේකින් ශොප් එකක් ඇරිය සොල්වල. යුන්ගි නම් යුනිවර්සිටි අවුට් උනු ගමන් එයාගෙම ස්ටූඩියෝ එකක් පටන් ගද්දි,හොසෝක් ෆැමිලි බිස්නස් බාරගත්තා.නම්ජුන් කවදත් එයා ආසා වුනු ලෙක්චරර් කෙනෙක් වෙද්දි සෝයා ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක් උනා.ඒත් යූරා තීරණය කරෙ ගෙදර නවතින්න.

හැමදේම හොදින් උනත් ...යූරාගෙයි නම්ජුන්ගෙයි ආදර කතාව ඒ තරම්  හොදට ගලා ගියෙ නෑ.ලස්සනට ගලන් ගියත් එයාලට ගොඩක් බාධාවලට මූන දෙන්න උනා..ඒ දෙන්න, දෙන්නට දෙන්නා ආදරේ උනත් නම්ජුන්ගේ ගෙදරින් යූරාට කැමති උනෙ නෑ.නම්ජුන් යූරාව බදින්න ඉන්නවා කියලා දැනුම් දීපු ගමන් මුලින්ම අකමැති උනෙ නම්ජුන්ගේ ඔම්මා.

" නම්ජුන්..ඒ ගෑනු ලමයව අතාරින්න. එයා අපේ පවුලට ගැලපෙන්නෑ......"

" මොකද්ද ඔම්මා ගැලපෙන්නෑ කියන්නෙ? යූරාගෙ මොකද්ද අඩුව?..."නම්ජුන් තර්ක කරා යූරා වෙනුවෙන්.

"තේරුම් ගන්න පුතේ.එයාලගෙ පවුලයි අපේ පවුලයි කියන්නෙ මට්ටම් දෙකක්‍.යූරා වගේ කෙල්ලෙක්ට පුලුවන්ද අපේ පවුලට ගැලපෙන්න?....." ඔම්මගෙ ප්‍රශ්නෙ නම්ජුන්ව තරහ ගැස්සුවා.

" ඔයාලට යූරාව ගැලපෙන්නැති උනාට..යූරා මගේ හැමදේම වෙලා ඉවරයි.ඔයාලා අකමැති උනත් මන් එයාව මැරි කරනවා."

"එහෙනම් ඒ කෙල්ලව බදින්න නම්...ඔයා මේ පවුල අතඇරලා දාන්න නම්ජුන්!!...මොකද මේ වහලෙ යට මන් ඉන්නකන් ඔයාට යූරව බදින්න වෙන්නෙ නෑ............."  නම්ජුන් මේසෙකට පයින් ගහලා නැගිටිද්දි මිසිස් කිම් කිව්වෙ බොහොම ඉවසීමෙන්.

ඒත් නම්ජුන්ට යූරාව අතාරින්න බෑ.

.

.

.

අවසානෙ..ගෙදර අය අකමැති උනත් යූරාව මැරි කරන්න ජූන් හිත හදාගත්තා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now