CHAPTER 42❄

195 60 0
                                    

"Did my heart love till now? Forswear it, sight! For I ne'er saw true beauty till this night."

ශේක්ස්පියර්ගේ,රෝමියෝ ජුලියට් ගැන ශිෂ්‍යයෝ එක්ක ලොකු කතා බහක් අතරතුරේ නම්ජුන්ට යූරාව මතක් උනා.ලොකු ලෙක්චර් හෝල් එකේ දෙපැත්තෙ  ලී බෙන්ච් වල වාඩිවෙලා හෝල් එක දෙදරන්න තර්ක කරන ගෝලයෝ මැද්දෙ හිටියත් එයාට දැනුනෙ ලොකු තනිකමක්.

නම්ජුන් පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කෙරුවත්.....එයාට යූරාව අමතක කරන්න අමාරු උනා.එයා තව දුරටත් ඇඩුවෙ නෑ.බාර් ගානෙ ගියෙ නෑ.ඒත් යූරා වෙනුවෙන් හදවත කොනේ තාමත් හැංගුනු ආදරේ ඉදලා හිටලා පෑරෙද්දි ,නම්ජුන් හිටියෙ වේදනාවෙන් හිරිවැටිලා.

තවදුරටත් යූරාත් එයාත් ජීවත් උනු ගෙදර ඉන්න එකෙන් වෙන්නෙ රිද්දන මතක ආයෙ අලුත් වෙන එක.යූරාගෙ සුවද තාමත් නම්ජුන්ට ඒ ගේ ඇතුලෙන් දැනෙනවා.අවසානෙ නම්ජුන් තීරණයක් ගත්තා.

......................................❄❄❄❄❄.......................................................................

ජින් යුන්ගි....මැද්දෙන් සෝයා වාඩි වෙලා හිටියා.හෝසොක් හිටියෙ වේවැල් කවුච් එක උඩ. මේ හැමෝමටම ඉස්සරහින් නම්ජුන් වාඩිවෙලා හිටියා.නම්ජුන් වැදගත් දෙයක් කියන්න තියෙනවා කිව්ව ගමන් කට්ටියම එකතු උනේ කිසිම කතාවක් නැතුව.

හෝසොක් එහාට මෙහාට ඇඹරෙද්දි ,වේවැල් පුටුවෙන් ඉදහිට ඇහෙන සද්දෙ ඇරෙන්න මුලු කාමරේම තිබුනෙ ගැඹුරු නිශ්ශබ්දතාවෙක ගිලිලා.හැමෝම බලන් හිටියෙ නම්ජුන් කතා කරනකන්.

.

.

.

ලොකු වෙලාවක් නිහඩව ඉදලා,නම්ජුන් අන්තිමේ කතා කලා.


" හ්‍යුන්ග්ලා.....හොබී....සෝයා....මට හරි මහන්සියි.මන් හිතුවා මේ හැමදේම අතඇරලා මුලු ලෝකෙන්ම හැංගිලා ඉන්න............................................................"

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now