CHAPTER 43❄

198 58 0
                                    

මිනිත්තු මිනිත්තු ගෙවිලා ගිහින් පැය උනා.පැය පැය ගෙවිලා ගිහින් දවස් ගෙවුනා.දවස් සති වෙලා... අවුරුද්දක් ගෙවුනා.අවුරුදු අවුරුදු ගෙවිලා ගිහින් අවුරුදු 25ක්ම ගෙවිලා ගියා.කාලෙ කොච්චර දුර පියාඹලාද?

නම්ජුන් මීට අවුරුදු 25ක්ට කලින් කිව්වා වගේම ලෝකෙන්ම හැංගුනා.එයා යුනිවර්සිටි එකෙන් අයින් වෙලා..එයයි යූරායි ජීවත් උනු ගෙදරත් විකුණලා බුසාන්වල Gamcheon වල පදිංචියට ගියා. Gamcheon කියන්නෙ පොඩි ටවුන් එකක්. නිස්කලංක ටවුන් එකේ පොඩි යුනිවර්සිටි එකක උගන්නන ගමන්, ලෝකෙන්ම හැංගිලා ජීවත් වෙන්න නම්ජුන් පටන් ගත්තා.

ලෝක ප්‍රසිද්ධ දේශක කිම් නම්ජුන් ලෝකෙන්ම අතුරුදහන් උනා.කවුරුත් දැනන් හිටියෙ නෑ නම්ජුන් අතුරුදහන් උනෙ කොහෙටද කියලා.නම්ජුන්ගෙ ඩීන් උනත් අස්වීමෙ සහතිකෙ දුන්නෙත් එච්චර හිත හොදකින් නෙමේ.

"ඔයා හරි තරුණ ලමයෙක් නම්ජුන්....ජස්ට් තින්ක් බ'වුට් දිස් අගේන්. ඔයා යන එක අපිට හරි පාඩුවක්......"

 ඒත් සෝල්වලින් ඈත්වෙලා බුසාන්වල අලුත් ජීවීතේට නම්ජුන් ඉක්මනින්ම බැදුනා.

පොඩි ගෙදරක්..ගෙදර ලගම පුන්චි විලක්..ඕක ගහක් එක්ක ගෙවුනු අවුරුදු 25ක ජීවීතේ දිහා බලන්න ආපස්සට හැරෙද්දි එයාට කවදාවත් පසුතැවීමක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.නම්ජුන් එයා ගත්තු හොදම තීරණේ කියලා හිතුවෙ Gamcheon වල පදිංචියට ආපු එක.

.

.

.

.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
IN YOUR EYES.....💧🖤(completed)Donde viven las historias. Descúbrelo ahora