CHAPTER 31❄

188 63 2
                                    

කොලේජ් පාටි එක හොදටම සිද්ධ උනා.නම්ජුන් හිටියෙ,එයාලගෙ කොලේජ් එක අවසන් දවසෙ මෙච්චර කල් හිතේ හිරගෙන හිටපු හැගීම යූරාට කියන්න.රෑ බෝ වේගෙන එද්දි නම්ජුන් යූරාගෙ අතෙන් අල්ලගත්තා.

"යූරා...මට දෙයක් කියන්න තියෙනවා....මාත් එක්ක ටිකකට පාර්ක් එකට යන්ද?..."

"පා‍ර්ක් එකට?? ම්ම්හා... ජූනි.අපි යන්..." යූරා සතුටෙන් නම්ජුන් එක්ක එකතු උනා.

කොලේජ් එකේ හැමෝම අවසන් දවසෙ මතක එකතු කරගන්න වගේ පොටෝ ගහද්දි නම්ජුනුත් යූරාත් ඒ පොටෝවලට ඉදලා හෙමින්ම කොලේජ් එකෙන් එලියට ආවෙ පාර්ක් එකට යන්න.

සද්ද බද්ද නැති පාර්ක් එකෙ...සයිප්‍රස් ගහක් යට පොඩි ලී බංකුවක් ලග ,නම්ජුන් එයාගෙ හැගීම යූරාට කියන්න හිතුවා.පොඩි නියෝන් බල්බ් වැලකින් වැටෙන එලිය ඇරෙන්න එතැන අදුරෙ ගිලිලා තිබුනත් යූරාගෙ ඇස් දිලිසෙන විදිහ නම්ජුන් දැක්කා.

.

.

මෙච්චර කල් හිතේ හිරකරගෙන හිටපු නම්ජුන් යූරාට කියන්නයි යන්නෙ.ඒත් එයාගෙ හදවත වේගෙන් ගැහෙන විදිහ නම්ජුන්ට දැනුනා.ඒත් නම්ජුන් අවසානෙ යූරාගෙ අතකින් අල්ලගෙන බිම දණගැහුවෙ,යූරා පුදුමෙන් නම්ජුන් දිහා බලාගෙන ඉද්දි.

"කන්ග් යූරා...මේක මන් ගොඩක් දවස්වල ඉදන් ඔයාට කියන්න හිටියෙ.I love you....."

ඒ මුලු වෙලාවෙම නම්ජුන්ට තේරුනේ කාලෙ එකතැන නැවතුනා වගේ.ලොකු හුලගක් එක්ක යූරාගෙ කොණ්ඩෙන් එයාගෙ පුන්චි මූන වැහෙන විදිහත්...ඒත් යූරාගෙ ඇස් අස්සෙන් බේරෙන සතුටු කදුලුත් දැක්කාම..නම්ජුන්ගේ හිත තවත් ආදරෙන් බර උනා. 'එයා මගේ......හැමදාම එයා මගෙ...මගේ යූරා....'

යූරා අඩාගෙන නම්ජුන්ගේ කරට පනිද්දි..නම්ජුනුත් ආදරෙන් දෙන්නගෙ තොල් එකතු කරා.ඒක පොඩි උනත් ගැඹුරට ගිය ආදරණිය හාද්දක්.නම්ජුන්ගේ වගේම යූරාගෙ හිතෙත් තිබුනු හැම හැගීමම ඒ හාදුව ඇතුලෙ හිර වෙලා තිබුනා.නම්ජුන් තරම් යූරා උස නැති නිසා නම්ජුන් ,යූරාව උස්සලා එයාගෙ අත් අතරට ගත්තෙ හාදුව තවත් ගැබුරට අරන් යන ගමන්.

.

.

.

.

ආදරෙන් පිරුනු හදවත් දෙකක් එක් උනේ ඒ විදිහටම.ඒත් වේදනාවෙන් පිරුනු තවත් ඇස් දෙකක්...එයාගෙ මුලු ලෝකෙම තමන් ඉස්සරහ කැඩිලා යන විදිහ කදුලු බේරෙන ඇස්වලින් බලන් හිටියා.නම්ජුන්ට එයාගෙ ආදරේ කියනවා කියලා හිතාගෙන අරන් ආපු රෝස මල එතනම බිම දාලා පාගන ගමන් ඒ ආගන්තුක ඇස් එතනින් දිව්වෙ අඩාගෙන.

NOTHING BREAKS LIKE A HERAT~~~

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now