CHAPTER 18❄

211 63 3
                                    

තව සතියකුත් දවස් දෙකකුත් ගිය තැන,නම්ජුන් හිටියෙ හෝසොක් එක්ක සෝල්වල නගර කොනක ලෝ සූට් එකක් ඉස්සරහ.සති තුනකට නම්ජුන්ව ඇදිල ගිය තරමක්.නම්ජුන්ගේ ඇස් ගිලිලා , පිරුණු කම්මුල් බැහැලා ගිහින් තිබුනෙ.හෝසොක් නම්ජුන් දිහා බැලුවෙ දුකෙන්.

" නම්ජුනා...ලෝයර් ඉන්නෙ මෙතන..දෙවනි තට්ටුවෙ.මන් උබ වෙනුවෙන් ඇපොයිමන්ට් එකක් දාලා තියෙන්නෙ.උබ ගිහින් දැන් ලෝයර් එක්ක කතා කරලා වරෙන්.මන් මෙතන තව වැඩකට යනවා...."

" ඒත් හොබා........?"

" අවුලක් ගන්න එපා බන්.උබ කොහොමත් යූරාට යන්න දෙන්න ඕනා කියලා තේරුම් අරන්නෙ ඉන්නෙ.ඉතින් තවත් මොකටද මේකට පස්ස ගහන්නෙ...? ...." හොබී කිව්වා.

නම්ජුන් කරේ වාහනෙ ශටර් එකෙන් පේන බිල්ඩින් එක දිහා බලන් හිටපු එක.අවුල් උනු කොණ්ඩෙත් අතෙන් හද හදා අන්තිමේ එයා වාහනෙන් බැස්සෙ තීරණයක් අරගෙන.

"උබ කතා කරලා ඉවර වෙද්දි,මට කෝල් එකක් දීපන්.මන් එන්නම් උබව පික් කරන්න,....." හෝසොක් කියද්දි නම්ජුන් ඒකට එකග වෙලා ඔලුව හෙලෙව්වා.හෝසෝක් කාර් එක අරන් එතනින් පිටවෙලා යද්දි නම්ජුන් හෙමින්ම ඇවිදන් ලෝ සූට් එක ඇතුලට ආවා. ලිෆ්ට් එකෙන් බැහැලා හෝසොක් කිව්ව ඔෆිස් එක හොයාගෙන නම්ජුන් ආවෙ...යූරාට නීතීමය විදිහට එයාගෙන් සමුදෙන්න හිතාගෙන.

එයා ඔෆිස් එක හොයාගත්තා.ඇතුලට යනවද නැද්ද කියල හිතාගන්න නම්ජුන් තවත් ටික වෙලාවක්ම වෙන් කලේ දොරේ නොබ් එක අල්ලන්. නම්ජුන් අවසානෙ දොර ඇරගෙන ඇතුලට ආවත් එයා බලාපොරොත්තු උනු කෙනා දැක්කම නම්ජුන් ඉහලට ගත්තු හුස්ම පහලට දැම්මෙ ලොකු පුදුමෙකින්.

.

.

.

.

                               "සෝයා  !!!....................................."

IN YOUR EYES.....💧🖤(completed)Onde histórias criam vida. Descubra agora