CHAPTER 15❄

227 67 6
                                    

කාමරෙ ඇතුලෙ තිබුනෙ මහ අමුතුම මූසල ගතියක්. නම්ජුන් තාමත් හිටියෙ යූරාටයි මාර්ක්ටයි මූන දීලා හිටගෙන.

" මන් ඔයා වෙනුවෙන් බලන් හිටියත් ,ඔයා මන් වෙනුවෙන් බලන් හිටියෙ නෑ නම්ජුන්...."

"ඒත් යූරා මන් පොරොන්දු උනා මේ හැමදේම හරිගස්සනවා කියලා.ඉක්මනට ඔයා ලගට එනවා කියලා...." නම්ජුන්ගෙ කටහඩ බිදුනා.

"තව කොච්චර කාලයක් මන් බලන් ඉන්නද නම්ජුන්?...........අපිට ඇති තරම් සල්ලි තියෙනවා.අපිට මොනවාද මදි උනෙ? ඒත්...ඒත් ඔයා මොකද කලෙ? ඔයාට මට වඩා ඔයාගෙ ලෙක්චර්ස් ලොකු උනා. අයෑම් සෝ ඩන් විත් යූ ජුන්.............." යූරා හිටියෙ ටිකෙන් ටිකෙන් වෙනස් වෙන නම්ජුන්ගෙ මූන දිහා බලාගෙන.

" ඒ කාලෙයි මට මාර්ක්ව හම්බුනෙ.දැන් මාස 6 කට කලින්.එයා මාව තේරුම් ගත්තා.මට ආදරෙ කලා..........ඔයාගෙන් මන් බලපොරොත්තු උනෙ මොනාද...ඒ දේවල් මට හම්බුනෙ මාර්ක්ගෙන්........"

how desperate................?? 

ඔයාගෙන් මන් බලපොරොත්තු උනෙ මොනාද...ඒ දේවල් මට හම්බුනෙ මාර්ක්ගෙන්........"

ඔයාගෙන් මන් බලපොරොත්තු උනෙ මොනාද...ඒ දේවල් මට හම්බුනෙ මාර්ක්ගෙන්........"

ඔයාගෙන් මන් බලපොරොත්තු උනෙ මොනාද...ඒ දේවල් මට හම්බුනෙ මාර්ක්ගෙන්........"

නම්ජුන්ගෙ ඔලුව ඇතුලෙ යූරාගෙ වචන දෝංකාර දෙද්දි..ජීවිතෙ පලවෙනි වතවට නම්ජුන්ට පරාජිත හැගීමක් දැනුනා. ' ඒ කියන්නෙ.....මේ මුලු කාලෙම යූරා බලාපොරොත්තු උනු ආදරෙ එයාට මගෙන් දැනිලා නෑ...'

"මට තවත් බලන් ඉන්න බෑ නම්ජුන්......."යූරා අවසාන වතාවට කිව්වා.

ඇත්ත...මුලු ජීවිත කාලෙ පුරාවටම යූරා ඕනවටත් වඩා තමන් වෙනුවෙන් බලන් හිටියා.ෆැමිලි පාටි...ගැදරින්ග්...වෙඩින්ග්ස්.... මේ හැමදේම නම්ජුන් වෙනුවෙන් කලේ යූරා. දවස් කීයක් නම් යූරා එයා වෙනුවෙන්ම බලන් ඉදලා සෝෆාව උඩම තනියෙන් නිදන් ඇතිද? යූරා හදිස්සියෙ අසනීප වෙද්දි එයා ලග ඉන්නවත් නම්ජුන්ට බැරි උනා.යූරා හොස්පිටල් එකේ ඉදන් ගෙදර ඇවිත් සතියකට පස්සෙයි නම්ජුන් යුරා අසනීප උනා කියලා දන්නෙ.

යූරා ඕනා තරම් නම්ජුන් වෙනුවෙන් කෑම හදන් බලන් හිටියත්...ගොඩක් වෙලාවට නම්ජුන් ආවෙ මහ රෑ.ඒ වෙද්දි ඒ කෑම සීතල වෙලා.සීතල රෑට නම්ජුන්ව බදාගෙන නිදන්න යූරා හීන දැක්කත්....ඒ හීන ,හීන විතරක්ම උනෙ නම්ජුන් ආවෙ යූරා සීතලේම වෙව්ල වෙව්ල නින්දට වැටුනට පස්සෙ නිසා. ගොඩක් දවස්වලට නම්ජුන් කලේ...සෝෆාවෙ නිදන් ඉන්න යූරාව වඩාගෙන ඇදට ගෙනිහින් තියලා යූරා ලගින්ම ඇලවෙන එක.

සමහර දවස්වලට යූරායි නම්ජුනුයි සති ගානකින් කතා කරලා නෑ.නම්ජුන් එච්චරටම බිසී.

.

.

.

.

යූරා නම්ජුන් වෙනුවෙන් ඕනාවටත් වඩා බලන් ඉදලා තියෙනවා.නම්ජුන් ඒක දන්නවා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now