CHAPTER 17❄

232 67 4
                                    

" උබ කලින්ම ආවද?........" යුන්ගි දොර ඇරියෙ හෝසොක්ට ඇතුලට එන්න කියලා අතෙන් පෙන්නන ගමන්.ඒ වෙද්දි නම්ජුන් කාමරේට වෙලා ඉදලම සති දෙකක්ම ගෙවිලා ගිහින්.

" ඔව්.....මෙහෙට ලෑන්ඩ් කරපු ගමන්ම ,එයාපෝට් එකෙන් කෙලින්ම ආවෙ මෙහෙ....කෝ අරූ ඇතුලෙ ඉන්නවද?..." හෝසොක් ඇහුවෙ සැප පහසුවට සෝෆා එකේ වාඩිවෙන අතරේ. ජිනුත් ටිකකින් හෝසොක්ට එහාපැත්තෙන් ඇවිත් වාඩි උනා.

"ඔව් ඔය ඉන්නෙ.ඒත් ඌ කාමරෙන් එලියට එන්නෑ....අපි කෙලින්ම කතාවට බහිමුකො..."

"ඒත් ජින් හ්‍යුන්ග්...මට තාමත් හිතාගන්න බෑ නම්ජුන්ටයි යූරාටයි වෙච්ච දේ.යූරා කොහොමද ඒ විදිහට නම්ජුනාට චීට් කරේ.?...."

හෝසොක් අහද්දි ජින් ලොකු සුසුමක් පිටකලා. " මට නම්ජුනා ගැන දුකයි.ඌ යූරාට ආදරෙ කලෙ පිස්සුවෙන් වගෙ.උට තාමත් වෙච්ච දේට හිතා හදාගන්න බෑ. අඩන්නැතුව හිටියට....කොයි වෙලේ හරි ඕක පුපුරල යයි කියලයි මන් බයෙන් ඉන්නෙ......"

"සෝයා කොරියා ඇවිත්ලු...දැන් මාස දෙකක්......" හෝසොක් කතාව වෙනම පැත්තකට හරවද්දි මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටපු යුන්ගි කතා කරා.

" මොකක් !!..කවද්ද? කොයි කාලෙද හොබා? ඇයි නිකමටවත් අපිට කිව්වෙ නැත්තෙ?......."

"කූල් මචන්.සෝයා ඇවිත් දැනට මාස 3ක් වෙනවා. මටත් කිව්වෙ නෑ.මන් ඉන්ස්ටර් වලින් දැක්කෙ....."

" ඒ වෙච්ච දේවල් එක්ක සෝයාට උනත් හිත හදාගන්න අමාරු ඇති.මන් කීයටවත් හිතුවෙ නෑ...සෝයා ආයෙ කොරියා එයි කියලා................." ජිනුත් ඒකටම එකතු කලා.

කාමරේ පුරා පැතිරුනෙ අමුතු නිශ්ශබ්දතාවයක්.සැරෙන් සැරෙන් තුන්දෙනාම හෙලන බර හුස්මවල් වල සද්දෙ ඇරෙන්න වෙන සද්ද මුකුත්ම තිබුනෙ නෑ. හෝසොක් තාමත් උදේට කාලා ඇවිත් නෑ කියලා දැනගත්තාම ජින් නම්ජුන්ට හදපු උදේ කෑම ටික මේසේට ඇරියා.

"හොබී කන්න වරෙන්.....වැඩිය දෙයක් නෑ...මන් හදපු නූඩ්ල්ස් සුප් එකයි, යුන්ගිගෙ සැලඩ් එකයි විතරයි බන්"

හැමවෙලේම කියවන හෝසොක් උනත් ආයෙම කතා කලේ උදේ කෑම අරගෙන කොෆි එක බොන අතරෙ.යුන්ගිත් කන්න ඕනා නැති උනත් කෑම මේසෙන් පුටුවක් ඇදගෙන හෝසොක් ලගින් වාඩි වෙලා  ඉද්දි ජින් කිචන් එකට ඉර එලිය පෙරිලා එන ප්‍රංශ මාදිලියේ ජනේලේ ලග හිටගෙන හිටියා.

"මේ වෙලේ නම්ජුන් ඩිවෝස් වෙන එකයි හොදම දේ.ඒක කාටත් හොදයි....."

" ඔව්...යූරා ජූන්ගෙන් වෙන්වෙන එකමයි හොද. කොහොමත් ඒකී නම්ජුන්ට ගැලපෙන්නෑ..........." හෝසොක් කියද්දි යුන්ගි අත මිට මොලෝලා පාරක් මේසේට ගහන ගමන් කිව්වා.

"බන්....?? උබ මොකද යූරා එක්ක ඔච්චර තරහ? මන් කිව්වෙ, යූරා මේ මාස 6 ක වෙලේ ඉදන් පිස්සු නැටුවට ඊට කලින් ඒ දෙන්නා හොදට හිටියනෙ.මන් දැක්ක රොමෑන්ටික්ම කපල් එක ඒ දෙන්නා.ඒත් උඹ ඒ කාලෙ ඉදන්ම තරහයිනෙ යූරා එක්ක. ඇයි බන් ඒ.......?"

"මොකද....මොක-ද..." ජින්ගේ ප්‍රශ්නෙට එවෙලේ යුන්ගිට වචන නැති උනා. ජිනුත් යුන්ගි දිහා බලන් හිටියෙ යුන්ගි කතා කරනකන්.  

" මොකද.....නම්ජුන්ට ඊට වඩා කෙනෙ-ක්ව ලැබෙන්න තිබු-නා................"  යුන්ගි අවසානෙ කියලා දැම්මා.

" උබත් මොනා කියවනවද මන්දා......මාත් යූරාට මුලින් කැමැත්තෙන් හිටියෙ.ඒත් ඒකි මාස 6 කට කලින් අමුතු විදිහට හැසිරෙන්නයි...ජූන්ගේ කෝල් මග අරින්නයි...හැම වෙලේම රිසොට් එකට රින්ගන්නයි පටන් ගත්තාම තමා මට සැක හිතුනෙ.අනික උඹ උනත් හොදටම දන්නවනෙ යුන්ගියා, යූරා නම්ජුන් වෙනුවෙන් කරපු දේවල්....."

" ජින් හ්‍යුන්ග් මුකුත් දන්නැතුව කතා කරන්ඩ එපා...." මෙදාසැරෙ නම් යුන්ගි සද්දෙ උස් උනා. " ඒකි මොනාද කරේ?  අරූ තාමත් කාමරේට වෙලා විදවන්නෙ කවුරු හින්දද?...මේ දේවල් වෙන්න තිබ්බෙ මෙහෙම නෙමේ...."

"දැන් උබලා ගහගෙන ඉවර නම් අපි කතා කරමුද? මන් දන්න කෙනෙක් ඉන්නවා මේ වැඩේට.ඩිවෝස් කේස් එක එයා ගානටම කරලා දෙයි...." හෝසොක් කියද්දි ජිනුයි යුන්ගියි රණ්ඩුව පැත්තකට දාලා නිහඩවම ඒකට ඔලුව වැනුවා.

IN YOUR EYES.....💧🖤(completed)Tempat cerita menjadi hidup. Temukan sekarang