CHAPTER 45❄

205 62 3
                                    

" ටේයි මිනීයි මේ සිකුරාදා..බුසාන් එනවලු ජින්....."  නම්ජුන්  කිව්වෙ එයාලගෙ වීකෙන්ඩ් ඩේට් එකේදි.

"මෙදාසැරෙත් කොල්ලා අමුතු අමුතු අමුතු පොටෝ ගොඩක් අරන් එයි.මට නම් ඉවසිල්ලක් නෑ... ටේටේ කලින් සැරේ ගහපු අයිෆල් ටවර් එකේ ෆොටෝ එකක් මන් ගෙදර ෆ්‍රේම් කරගත්තා.ඒක ඒ තරම්ම ලස්සනයි.." සෝයාත් ඒකටම එකතු උනා.

සෝල්වලින් ආවාට පස්සෙ උනු එක හොද දෙයක් තමා මේ වීකෙන්ඩ් ඩේට්! .නම්ජුන්, ජින්, යුන්ගි, හෝසොක් වගේම සෝයාත් ජින්ගේ රෙස්ටුරන්ට් එකට එකතු වෙලා හැම සෙනසුරාදාම පොඩි පොඩි සෝජු පාටි දැම්මා.ජින් කට ගැස්මට සැරට හදන මොනාහරි එක්ක සෝජු උගුරක් බොන ගමන් කොල්ලො සෙට් එකයි සෝයායි එයාලගෙ පරණ මතක අලුත් කරගත්තා.

" මොකක්!! මූ මේ සතියෙ එනවා කියලා මට කිව්වෙ නෑනෙ.ටේහ්‍යුන්ග්ට දැන් එයාගෙ අප්පට වඩා ලොකු ජූන් පපානෙ....." ජින් කෑහැගැහුවේ තවත් සෝජු එකක් ග්ලාස් එකට වක් කරන ගමන්.

" බොරුවට කෑගහන්න එපා ජින්.....මොකද ටේයි ජිමිනුයි කියන්නෙ පුරුදු වෙන්න රට යන අය ඈ. කොල්ලො දෙන්නා කොහොමත් මාසෙකට සැරයක් පැරිස් ගිහින් එන එකනෙ......ඔන්න මෙදා සැරේ ආවාහම කොල්ලන්ගේ කන පුරවන්න බනින්න නම් ලෑස්ති වෙන්න එපා....." සෝයා කිව්වෙ කටට තවත් චිලී චිකන් කෑල්ලක් ඔබා ගන්න ගමන්.ඒකට ජින් දුන්නෙ පිච්චිලා යන තරමේ සැර බැල්මක්.

" යා...යා....යා..... ඔයයි ජූනුයි තමා..මට මගෙ කොල්ලව හදාගන්න දුන්නැත්තෙ. පොඩි කාලෙම පස්ස පැත්තට හොද සෝස්පෑන් පාරක් දුන්නා නම් අද මෙහෙම වෙන්නෙ නෑ..............."ජින් නහයෙන් පිම්ඹා.ඒත් එක්කම යුන්ගි කතා කරද්දි ජින් කට වහගත්තා.

" හෝබී ජන්ග්කුක්ගෙ US කම්පිටිශන් ඉවර වෙන්නෙ කවද්ද...?  කොල්ලාත් මේ සතියෙ එයිද?......"

" තාම ඉවර නෑලු බන්.කොහොමත් ගුකී එද්දි තව සති දෙකක්වත් යයි..." යුන්ගි අහද්දි හෝසොක් උත්තර දුන්නා.ජින්ගේ රෙස්ටුරන්ට් එක ඇතුලේ තිබුනෙ සාමකාමි බවක්.චිකන් බාබකියු සුවදින් වගේම රසවත් කතා බහකින් මුලු රෙස්ටුරන්ට් එකම පිරිලා ගියා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now